Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා වෛද්‍ය සමුළුවක් ලබන වසරේදී

ක්‍රීඩා වෛද්‍ය සමුළුවක් ලබන වසරේදී

ශනුක අරවින්ද - 2017 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා වෛද්‍ය ආයතනය ක්‍රීඩා අමාත්‍යංශය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට ක්‍රීඩා සහ ව්‍යායාම පිළිබඳව ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යා සමුළුවක් ලබන වසරේ (2018) සැප්තැම්බර් මස 6 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.

එම සමුළුවේදී ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට සහ තාක්‍ෂණයට සම්බන්ධ ලෝක ප්‍රසිද්ධ විද්වතුන් 13 ක් දෙනකු පමණ දේශන පැවැත්වීමට නියමිතය.

ලෝක ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශාරීරික ආබාධ අවම කරගැනීම සඳහා වූ ගවේෂණයන්හි නිරතව සිටින මහාචාර්යවරියක් වන කැරෝලයින් ෆින්ච් මහත්මිය එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

ඕස්ටේ්‍රලියා ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැළකෙන මහාචාර්ය පීටර් බක්නර් සහ ඕස්ටේ්‍රලියා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ පුහුණු විද්‍යාලයේ ප්‍රධානී ඇඩම් කැස්ට්‍රකම් යන මහත්වරු ද මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය.


අදහස් (0)

ක්‍රීඩා වෛද්‍ය සමුළුවක් ලබන වසරේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.