Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා විශ්ව විද්‍යාලය දියගමදී

ක්‍රීඩා විශ්ව විද්‍යාලය දියගමදී

යොහාන් භාසුර - 2020 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
‘කොරොනා’ වයිරස් අවදානම හේතුවෙන් රට වසා තිබුණ ද ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් එය ලබන සැප්තැම්බර් මස ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ක්‍රීඩා විශ්ව විද්‍යාලය පිහිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක කමිටුව මේ වන විට 14 වතාවක් රැස්ව ඇති බවත් එහි ප්‍රාථමික සැළසුම් මේ වන විටත් අවසන් කර ඇති බවත් ලේකම්වරයා පැවසීය.
“රටේ පවතින තත්ත්වය හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පසුගිය මාසයකට අධික කාලයක් වැඩ නොකෙරුණත් විශ්ව විද්‍යාල කමිටුව විඩියෝ තාක්‍ෂණයෙන් මේ වන විට 14 වතාවක් රැස්ව තිබෙනවා. දියගම ක්‍රීඩා සංකීර්ණය තුළ මෙම විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීමට තීරණය කරලා තියෙන්නේ”

“එහි විෂයයන්, දේශකයන්, කාලසීමාවන් වැනි දේවල් පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් තියෙනවා. රට යථා තත්ත්වයට පත්වූ වහාම අයැදුම්පත් කැඳවා සැප්තැම්බර් මස පළමු කණ්ඩායමට දේශන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

මෙම විශ්ව විද්‍යාලයට සිසු සිසුවියන් ඇතුළත්කරගැනීමේදී ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි අවස්ථාවක් හිමිවන අතර ඕනෑම ක්‍රීඩාවක නිතර වීම ප්‍රධාන සුදුසුකම බවට පත්වේ.

 


අදහස් (0)

ක්‍රීඩා විශ්ව විද්‍යාලය දියගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.