Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා අමාත්‍යංශය ආපසු හැරෙයි

ක්‍රීඩා අමාත්‍යංශය ආපසු හැරෙයි

editorial - 2021 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2021- 2023) ලබන බ්‍රහස්පතින්දා (20) සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට අනුමැතිය ලබාදුන් බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය. ක්‍රිකට් නිලවණය කල්දැමීම සම්බන්ධයෙන් පසුගිය දිනවල යම් විවාද සම්පන්න තත්ත්වයක් ඇතිවී තිබුණද සූම් තාක්ෂණය ඔස්සේ නිලවරණ පවත්වා අවසන් කිරීමට ජාතික ක්‍රීඩා සංගම් ගණනාවකින් කළ ඉල්ලීම් සලකාබලමින් ක්‍රිකට් නිලවරණය ද එදින පැවැත්වීම සඳහාද අනුමැතිය දුන් බවද ඔහු පැවසීය. 

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙන්ම ක්‍රිකට් කළමණාකාර මණ්ඩලයේ ද සාමාජිකයකු වන අමල් එදිරිසූරිය මහතා පසුගිය 11 වැනිදා පවසා සිටියේ මෙම 20 වැනිදා පැවැත්වීමට යොදාගෙන තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයද කල්දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. (12 වැනිදා ලංකාදීප).

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය රහස් ඡන්දයකින් සමන්විත වන බැවින් එය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීම දුෂ්කර කටයුත්තක් බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්දැමීම හැරෙන්නට දැනට වෙනත් විකල්පයක් ඉතිරිව නැති බවත් හෙතෙම පසුගිය 11 වැනිදා පැවැසීය.

දින දෙකකට පෙර එසේ කීවද, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (13 වැනිදා) වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම අත්ඔසවා (ප්‍රසිද්ධියේ) සිදුකෙරෙන බැවින් සූම් තාක්ෂණය ඔස්සේ ක්‍රිකට් නිලවරණය පවත්වාගෙන යාමට බාධාවන් ඇති නොවන බවයි. මෙවර ක්‍රිකට් නිලවරණය විධයක සභාවේ තනතුරු 07 ක් පිරවීමට පමණක් සීමාවෙයි. 

ක්‍රිකට් නිලවරණයට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ මහ සභා රැස්වීම සහ ගිණුම් වාර්තා අනුමත කර ගැනීමට පසු දිනයකට කල්තබා තිබේ. 

මැයි 31 වැනිදාට යොදාගෙන තිබූ ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ ඒ ආකාරයෙන් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගෙන ඇති තීරණය හමුවේ නිලවරණ 10ක් පමණ යොදාගත් දිනවලදීම සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බවයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණ ද යොදාගත් පරිදි මෙම 30-31 දිනවලදී පවත්වා අවසන් කිරීමට හැකිතාක් උනන්දු වන ලෙස නිලවරණ කමිටුවලට උපදෙස් ලබාදී ඇති බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. 

 


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යංශය ආපසු හැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.