Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩකයෙක් එකම දිනයේ කණ්ඩායම් දෙකක

ක්‍රීඩකයෙක් එකම දිනයේ කණ්ඩායම් දෙකක

යොහාන් භාසුර - 2020 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ලන්කන් ක්‍රිකට් සමාජය අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පසුගිය සතියේ පැවැති තරගය අතරතුරදී මුවර්ස් පිල නියෝජනය කළ ක්‍රීඩකයකු වෙළෙඳ සේවා ක්‍රිකට් තරගයකටත් ක්‍රීඩා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. මෙම ක්‍රීඩකයා නියෝජනය කරන වෙළෙඳ සේවා කණ්ඩායම ඊයේ (25 වැනිදා) පස්වරුවේ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයට කැඳවීමට පියවර ගෙන තිබුණි.

අදාල ක්‍රීඩකයා එකම දිනයේ කණ්ඩායම් දෙකක සිටි බවට විනිසුරුවන්ගේ ලිඛිත වාර්තා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුවට සූදානම් වෙයි. ඔහු පළමු පෙළ තරගයේ අතිරේක ක්‍රීඩකයකු ලෙස සිටියදී ප්‍රධාන පෙළේ කල්බදු සමාගමක් නියෝජනය කරමින් වෙළෙඳ සේවා තරගයකට ක්‍රීඩා කර තිබේ.

“පළමු පෙළ තරගයක ක්‍රීඩකයන් 15 දෙනාට ඇතුළත්ව සිටියදී වෙනත් තරගයකට ක්‍රීඩා කරන්න බෑ. ඔහු කණ්ඩායමට ඇතුළත්ව සිටින නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවීමක් කරනවා. ඒ නිසා ඔහු පිළිබඳව තරගාවලි කමිටුව පරීක්‍ෂණයක් කරනවා”

“තරගාවලි කමිටුව හෙට රැස්වෙනවා. ඒ වන විට මෙම සිද්ධිය පිළිබඳව වාර්තාව ලැබෙනවා. ඉන් පසුව අපි ඒ පිළිබඳව සාකච්ඡා කරනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

වමතින් වේග පන්දු යවන්නකු වන මෙම ක්‍රීඩකයා මේ වන විට කල්බදු සමාගමක සේවය කරන අතර මීට පෙර ශ්‍රී ලංකාවේ නමගිය සමාගමක ක්‍රීඩා සමාජයක්ද නියෝජනය කර තිබේ.
 


අදහස් (0)

ක්‍රීඩකයෙක් එකම දිනයේ කණ්ඩායම් දෙකක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.