Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩකයාටත් රැකියාවක්

ක්‍රීඩකයාටත් රැකියාවක්

යොහාන් භාසුර - 2019 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෘත්තිය මට්ටමට ගෙන ඒම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පාලනය වන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ‘ක්‍රීඩකයා’ ලෙස රැකියාවක් නිර්මාණය කිරීමට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා යෝජනා කර තිබේ.

 ‘ක්‍රීඩකයා’ ලෙස රැකියාවක් පිහිටුවා ජාතික මට්ටමේ තෝරාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ ස්ථිර රැකියාව ලබාදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික ජීවිතය සාර්ථක කිරීම ඔස්සේ වැඩි ප්‍රතිලාභයක් රටට ලබාගැනීම මෙහි අරමුණ වී තිබේ.

 ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එවැනි යෝජනාවක් තමන් ඉදිරිපත් කළ බවත් ඒ පිළිබඳව ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

“පුද්ගලයෙක් වැඩි දුරට අධ්‍යාපනය ලැබුවහොත් ඔහුට හොඳ රැකියාවක් ලැබෙනවා යන විශ්වාසය තබාගත හැකියි. නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවනුත් අධ්‍යාපනය සඳහා මෙන්ම වෙහෙසක් දරනවා. ක්‍රීඩාව අඛණ්ඩව කරන වැඩි දෙනකුට අධ්‍යාපනයට කාලය නෑ. ඒ නිසා ක්‍රීඩාව හොඳින් කළොත් හොඳ රැකියාවක් ලැබෙනවා කියන විශ්වාසයත් ඇතිකළ යුතුයි”“

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කරන දස්කම් තිබෙන කාලයේදී පමණක් සැළකීම සාර්ථක තත්ත්වයක් නොවෙයි” යැයි ද මුතුගල මහතා වැඩි දුරටත් පැවසීය.   

 

 


අදහස් (3)

ක්‍රීඩකයාටත් රැකියාවක්
  • Irfan Dharma Sunday, 22 September 2019 10:39 PM

    මේ යෝජනාව ඉතාමත් හොඳ යෝජනාවක්.මේක පටන් ගන්න තිබුනේ වසර 15 කට කලින්.දැන්වත් මෙවැනි යෝජනාවක් කිරීම ගැන සතුටුයි.

    Reply 0       0

    BRIAN MENDIS Tuesday, 24 September 2019 04:51 AM

    මෙය ක්‍රීඩකයන්ට ඉතාමත් හොඳයි.ඉදිරියටම යන්න.

    Reply 0       0

    Ruwan Tuesday, 24 September 2019 09:12 AM

    ඒකඟයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.