Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ක්‍රීඩකයෝ වැඩි පඩි ඉල්ලති

ක්‍රිකට් ක්‍රීඩකයෝ වැඩි පඩි ඉල්ලති

යොහාන් භාසුර - 2019 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල වේග පන්දු යවන්නකු සහ පිට දඟ පන්දු යවන්නකු වූ නුවන් කුලසේකර සහ සුරාජ් රන්දිව් ඕස්ට්‍රේලියාවේ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බව වාර්තා වේ.  ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි බලපත්‍රය ලබාගැනීම සඳහා ඔවුන් මෙම තරග වලට සහභාගි වෙමින් සිටින බවද කියැවේ.

දේශීය පළමු පෙළ තරගාවලියේදී ක්‍රීඩකයන්ට ගෙවන තරග මුදල පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදී මෙම ක්‍රීඩකයන් දෙදෙනා සම්බන්ධයෙන් විශේෂ කතාබහක් ඇතිවී තිබේ. ශ්‍රී ලංකාවේ දේශීය තරග වෙනුවෙන් ගෙවනු ලබන මුදල ප්‍රමාණවත් නොවීම නිසා ජාතික මට්ටමේ ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජ තරගාවලියට සහභාගි වන බව ක්‍රීඩකයෝ පවසති.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනකු පමණක් එම තරගාවලියට සහභාගි වී සිටින බවත් ඔවුන්ගේ අරමුණ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි බලපත්‍රය හිමිකරගැනීම බවත් එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ ඉදිරි පළමු පෙළ තරගාවලියේදී එම ක්‍රීඩකයන් යෝජනා කළ තරග මුදලට වඩා මුදලක් ක්‍රිකට් ආයතනය ගෙවන බවයි.

“ඕස්ට්‍රේලියාවට යන්නේ පළමු පෙළ ක්‍රීඩකයන් නොවන බව අපි ඒ ක්‍රීඩකයන්ට පැහැදිළි කළා. ක්‍රීඩකයන් දෙදෙනකු හැර වෙනත් ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියාවේ ඔය කියන තරගාවලියට සහභාගි නොවන බවත් අපි පැහැදිළි කළා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.


අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩකයෝ වැඩි පඩි ඉල්ලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.