Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ‘කොරෝනා’ පරීක්‍ෂණ

ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ‘කොරෝනා’ පරීක්‍ෂණ

යොහාන් භාසුර - 2020 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතය නියෝජනය කරමින් ‘ආරක්‍ෂිත නේවාසික කණ්ඩායම් පුහුණුවට’ සහභාගි වන ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලුම දෙනා ‘කොරෝනා’ වයිරස් පරීක්‍ෂණ දෙකකට සහභාගි කරවීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය හිමිවී තිබේ. ජාතික මට්ටමේ ක්‍රීඩකයන් දක්‍ෂතා අතර රදවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා වෛද්‍ය ඒකකය එකතුව ක්‍රියාත්මක කරන මෙම විශේෂ නේවාසික පුහුණු කඳවුර මේ මස 15 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

එයට සහභාගි වන සියලුම ක්‍රීඩකයන් පළමුවෙන්ම ‘කොරෝනා’ පරීක්‍ෂණයකට යොමු කර පළමු පරීක්‍ෂණයෙන් දින 6 ත් 7 ත් අතර කාලයකදී දෙවැනි පරීක්‍ෂණයට යොමු කිරීමට නියමිතය.

මෙහි දෙවැනි පරීක්‍ෂණය දින 48 ක් තුළ කරන ලෙස ක්‍රීඩා වෛද්‍ය ඒකකය කළ ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යංශය බැහැර කරමින් පරීක්‍ෂණ ක්‍රමවේදයට අනුව එය දින දින 6 ත් 7 ත් අතර කාලයකදී කළ හැකි බවට දැනුම් දී තිබේ.

“ඔව් අපි දෙවැනි පරීක්‍ෂණය පැය 48 ක් තුළ කළ හැකිදැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසීමක් කළා. ඔවුන් අපිට දන්වලා තියෙනවා එය පරීක්‍ෂණ ක්‍රමවේදයට අනුව ඊළඟ පැය 48 තුළ එසේත් නැත්නම් ඉදිරි දින දෙක තුළ කළ නොහැකි බව” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මෙම පරීක්‍ෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ නිලධාරියකුගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ මෙම පුහුණුවට සම්බන්ධ වන සියලුම ක්‍රීඩකයන් නිරෝධායනය වන කණ්ඩායමක් ලෙස නේවාසිකව තැබිය හැකි බවයි.

“එවිට ඔවුන් බාහිර සමාජයට නිරාවරණය නොවී එම ක්‍රීඩකයන් පිරිස පමණක් ඒකකයක් ලෙස පවතිනවා. එවිට භයානක තත්ත්වයක් නෑ”

මෙම නේවාසික පුහුණු වැඩසටහනේ එක කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයන් සංඛ්‍යාව අටක් සහ පුහුණු කාර්ය මණ්ඩලය පහක් වන පරිදි උපරිම වශයෙන් 13 ක් සහභාගි වීමට නියමිතය. එම ක්‍රීඩකයන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට කොළඹ හෝටලයක හෝ ක්‍රීඩාංගණයක නේවාසික පහසුකම් සැළසීමට නියමිතය.

මෙහි පළමු කණ්ඩායමට වේග පන්දු යවන්නන් හය දෙනකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු තෝරාගෙන තිබේ.

අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ‘කොරෝනා’ පරීක්‍ෂණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.