Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ඒජන්තයාගේ පැටිකිරිය සොයයි

ක්‍රිකට් ඒජන්තයාගේ පැටිකිරිය සොයයි

යොහාන් භාසුර - 2020 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී (එල්.පී.එල්.) කොළඹ කිංග්ස් පිලේ තරුණ ක්‍රීඩකයකු ළවා තරග පාවාදීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූයේ යැයි කියන හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායමට ඇතුළත්වීමට දැඩිව උත්සාහයක් කළේ යැයි හෙළි වී ඇති බව වාර්තා වේ. මෙම ක්‍රීඩකයා කොළඹ කිංග්ස් කණ්ඩායමේ හෝ සෙසු කණ්ඩායම්වල වෙනත් ක්‍රීඩකයන්ටද මෙවැනි යෝජනා කර ඇතැයි ද මේ වන විට පරීක්‍ෂණ කරගෙන යන බව වාර්තා වේ.  

මෙම ක්‍රීඩකයා ඇතැම් කණ්ඩායම්වල කළමනාකරුවන්ට සහ පුහුණුකරුවන්ට කථා කර කණ්ඩායම්වල අවස්ථාව ඉල්ලා ඇති බවට මේ වන විටත් සාක්‍ෂි ලැබී ඇති බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිට දඟ පන්දු යවන්නකු වශයෙන් කටයුතු කළ මෙම ක්‍රීඩකයාට එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායමක අවස්ථාව ලැබුණේ නම් ඔහු දැන් සහභාගි වී සිටින විදේශීය තරගාවලියට සහභාගි නොවනු ඇතැයි ද පැවසේ.  

මෙම ක්‍රීඩකයා කිසියම් ආකාරයකට එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායමකට ඇතුළත් වූයේ නම් සමස්ත තරගාවලියටම භයානක තත්ත්වයක් නිර්මාණය විය හැකි බව නම හෙළි කිරීමට අකමැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.

“ඔහු කණ්ඩායමකට ඇතුළත් වුණා නම් ඔහුට කණ්ඩායම්වල අභ්‍යන්තර තොරතුරු එක එල්ලේ ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු නිසා සෙසු තරුණ ක්‍රීඩකයන් පාලනය කිරීමේ හැකියාවත් තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුට දූෂණ ක්‍රියාවක් කිරීමේ වැඩි හැකියාවක් නිර්මාණය වෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

චෝදනාලාභී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ තරගයකට සහභාගි වෙමින් සිටියදී මීට වසර දෙකකට පමණ පෙර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) නිලධාරීන් විසින් හදිසියේම රැගෙන ගොස් ප්‍රශ්න කර, ඔහුගේ ඇතැම් උපකරණද බාරගෙන තිබේ. පසුව ඔහුට චෝදනා ගොනුකිරීමෙන් තොරව නිදහස් කර ඇති බවත් එහිදී ඔහු ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් කීපදෙනකුට එරෙහිව අයි.සී.සී. සාක්‍ෂිකරුවකු ලෙස යොදාගැනීමේ සූදානමක් ද පැවැති බවත් දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ සෙසු ක්‍රීඩකයන්ට එරෙහිව සාක්‍ෂි දීම ලිඛිතව ප්‍රතික්ෂේප කළ බවත් ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් කථා බහට ලක්ව තිබේ.
   


අදහස් (0)

ක්‍රිකට් ඒජන්තයාගේ පැටිකිරිය සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.