Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ආයතනයෙන් 20,000 ක ණයක්

ක්‍රිකට් ආයතනයෙන් 20,000 ක ණයක්

යොහාන් භාසුර - 2020 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

‘කොරෝනා’ වෛරසයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති තත්ත්වයෙන් මූල්‍ය දුෂ්කරතාවට පත්ව සිටින පූර්ණ කාලීන ක්‍රිකට් විනිසුරුවන් 39 දෙනකුට රුපියල් 20,000 ක ණය මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිරිනැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති දමින්ද කුරේ මහතා ‘ලංකාදීප’යට පැවසීය. මෙම ණය මුදල මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක වෙනුවෙන් රුපියල් 10,000 බැගින් වන ලෙස පිරිනමා තිබේ.
 
දෛනික වියදම් සඳහා වෙනත් ආදායම් මාර්ගයක් නොමැති මෙන්ම පූර්ණ කාලීනව විනිසුරුවන් ලෙස කටයුතු කරන විනිසුරුවන් 39 කට පමණක් මෙම අවස්ථාව හිමිවී තිබේ.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ අවස්ථාවේදී විනිසුරුවන් සඳහා දැක්වූ සහයෝගය අගය කළ යුතු බවත් මෙය නැවත ගෙවිය යුතු ණය මුදලක් බවත් විනිසුරු සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේය.
 
“ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජික විනිසුරුවන් 800 ක් පමණ ඉන්නවා. ඉන් පූර්ණ කාලීනව විනිසුරුවන් ලෙස කටයුතු කරන 39 ක් අපි මෙම හිමිකම සඳහා තෝරාගත්තා” යැයි දමින්ද මහතා වැඩි දුරටත් පැවසීය.
 
ක්‍රිකට් විනිසුරුවන්ගේ ඉහළම කාණ්ඩවල විනිසුරුවන්ට මෙන් නොව පාසල්, වෙළෙඳ, රාජ්‍ය සහ ජනසතු සේවා ආදි ආයතන සහ වෙනත් පෞද්ගලික මට්මින් සංවිධානය කරන ක්‍රිකට් තරගවල විනිසුරුවන් ලෙස කටයුතු කරන විනිසුරුවරු රැසක් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරග අත්හිටුවීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
 
 

 


අදහස් (0)

ක්‍රිකට් ආයතනයෙන් 20,000 ක ණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.