Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කළුතර පාපැදි ශූරයා චතුර මධුෂාන්

කළුතර පාපැදි ශූරයා චතුර මධුෂාන්

editorial - 2021 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

(සටහන හා ඡායාරූප කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)

කළුතර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පැවැති විවෘත ස්ටෑන්ඩඩ් පාපැදි තරගයේ ජය හිමිකර ගත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ක්‍රීඩා සමාජයේ චතුර මධුෂාන් ද සිල්වා විසින් හිමිකර ගන්නා ලදි. ඔහුට ශූරතා කුසලාන සමග රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් හිමිවිය.

දෙවන ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඩබ්ලිව්.ඩී. පැතුම් සම්පත්ට රුපියල් 70,000 ක මුදල් ත්‍යාගයක් හිමිවිය. තෙවන ස්ථානය දිනාගත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ක්‍රීඩා සමාජයේ නිශාන්ත පෙරේරාට රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් හිමිවිය.

සිව් වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා ස්ථාන ලබාගත් තරගකරුවන්ට 25,000 බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමිණ.

කළුතර කලමුල්ල රිච්මන්ඩ් ක්‍රීඩා සමාජයේ තරුණ කැල සංවිධානය කළ මෙම පාපැදි තරගය කළුතර දිස්ත්‍රික් පාපැදි සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

කළුතර කලමුල්ලෙන් ආරම්භ වූ මෙම තරගය කළුතර නගරයෙන් අවසන් වූ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරගකරුවෝ විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

තරග ආරම්භයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූයේ සංස්කෘතික ප්‍රාසාංගික කලා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතාය.


අදහස් (0)

කළුතර පාපැදි ශූරයා චතුර මධුෂාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.