Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කළුතර ක්‍රිකට් සංගම් නිලවරණය පවත්වන්නැයි ක්‍රීඩා සමාජ 15 ක් ඉල්ලති

කළුතර ක්‍රිකට් සංගම් නිලවරණය පවත්වන්නැයි ක්‍රීඩා සමාජ 15 ක් ඉල්ලති

යොහාන් භාසුර - 2020 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රිකට් සංගමයක් වන කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිලවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ක්‍රීඩා සමාජ 15 ක් එහි ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සාමාජික ක්‍රීඩා සමාජ 21 න් 15 ක් නිලවරණය පවත්වන ලෙස ඉල්ලා සිටිති.

මෙම තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජී. පී. එස්. සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.   

කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ මහ සභාව සහ නිලවරණය සෑම වසරකම පෙබරවාරි මස පැවැත්විය යුතුය. එහෙත්  කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති මනෝජ් සංජය හෙට්ටිගේ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මැයි මස අවසානය දක්වා එවැනි සභාවක් පැවැත්විය නොහැකි බව සියලු දෙනා දන්නා කරුණක් බවයි.

“කොරෝනා අවදානම නිසා මහ සභාව පවත්වනන් බැරි වුණා. දැන් මහ මැතිවරණයක් ඇවිත් තියෙනවා. අප සංගමයේ ලේකම්වරයාත් ඉල්ලා අස්වී තියෙනවා. මේ මස 24 වැනිදා සංගමයේ විධායක කමිටුව රැස්වෙලා තාවකාලික ලේකම්වරයකු පත්කරලා ඊට පස්සේ මහ සභාවට දිනයක් යොදා ගන්නවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා සමාජ නියෝජිතයකු පැවසුවේ කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණයට මහ මැතිවරණයේ බලපෑමක් නොමැති බවත් වත්මන් නිලධාරීන් හිතාමතාම නිලවරණය කල්දමන බවත්ය.

“ලේකම්වරයා ඉවත්වුණේ මේ නිලවරණ ප්‍රශ්නය නිසයි. නිලවරණයේ වගකීම තියෙන්නේ ලේකම්වරයාටනේ. තව දුරටත් මෙය කල්දැමුවහොත් අපි නීතිමය කටයුතුවලට යනවා” යැයි එම ක්‍රීඩා සමාජ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.  


අදහස් (0)

කළුතර ක්‍රිකට් සංගම් නිලවරණය පවත්වන්නැයි ක්‍රීඩා සමාජ 15 ක් ඉල්ලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.