Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කළු පටි පැළදීමට අනුමැතිය

කළු පටි පැළදීමට අනුමැතිය

editorial - 2019 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලට විරෝධය දැක්වීමට සහ එයින් ජීවිතක්‍ෂයට පත්වූ පිරිස වෙනුවෙන් කණගාටුව පළකිරීම සඳහා මැලේසියාවේ තරග සංචාරයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ‘කළු පටි’ පැළද තරගවලට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ‘කළු පටි’ පැළඳ තරගවලට සහභාගි වීමට ජාත්‍යන්තර රග්බි සංගමය ලිඛිතව අවසර දී තිබේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ජාත්‍යන්තර රග්බි සංගමය මෙම බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයට කණගාටුව පළකරමින් ලිපියක් ද යොමු කර ඇති බවයි.

“ලෝක රග්බි සංගමය එම ලිපිය මගින් අපේ කණ්ඩායමට මෙම මැලේසියානු සංචාරයේදී ‘කළු පටි’ පැළද ක්‍රීඩා කිරීමට අවසර දී තිබුණා. 4 වැනිදා පැවැත්වෙන තරගයේදී ‘කළු පටි’ පැළද ක්‍රීඩා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) රාත්‍රී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. මෙම තරගාවලියේ පළමු තරගය හෙට (02) පැවැත්වෙන අතර දෙවැනි තරගය 4 වැනිදා පැවැත්වීමට නියමිතය.

 

මැලේසියානු සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා විසින් නායක ඔමල්ක ගුණරත්නට නව කණ්ඩායම් බැනියම ප්‍රදානය කරන ලද අවස්ථාව.


(ඡායාරූප: ළහිරු හර්ෂණ)  

 


අදහස් (0)

කළු පටි පැළදීමට අනුමැතිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.