Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කළමණාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

කළමණාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

රොෂාන් ගුණරත්න - 2021 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම්කර ඇති සංචිතයේ සිටින ක්‍රීඩකයකු සහ කණ්ඩායමට අනුයුක්ත සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේදී නොමනා ලෙස හැසිරී ඇති බවට විවිධ මාධ්‍ය ඔස්සේ පසුගියදා වාර්තා කෙරිණ. එම මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින්, එම ප්‍රවෘත්තිවල සත්‍යතාව සොයා ගැනීම සඳහා සිද්ධිය පිළිබඳ වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතාට උපදෙස් දී තිබේ.

කණ්ඩායම් කළමනාකරු සිය වාර්තාව ඉදිරිපත් කළ පසු, වාර්තාවේ සඳහන් කරුණු මත එවැනි පරීක්ෂණයක් අවශ්‍ය නම්, එම චෝදනාව සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවැනි නොහොබිනා හැසිරීම් වලට එරෙහිව කිසිදු බුරුලක් නොදෙන ප්‍රතිපත්තියක සිට කටයුතු කරන අතරම ඔවුන් වරදකරුවන් බව ඔප්පු වුවහොත් ඕනෑම පාර්ශ්වයකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ සඳහන් වේ.

 


අදහස් (0)

කළමණාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.