Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව කළමණාකරුවකු පත් කිරීමට නියමිතව ඇතැයි ‘කෙළිමඬල’ට වාර්තා වේ. බොහෝ දුරට එම තනතුර සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ප්‍රධාන නිලධාරියා වන මනුජ කාරියප්පෙරුම මහතා පත් කෙරෙනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පිලේ හිටපු කළමණාකරු ජෙරම් ජයරත්න මහතාගේ ධූර කාලය අප්‍රේල් මස 8 වැනිදායින් නිමාවට පත් විය. ඒ අනුව ඔහු නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.
අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී එම තනතුර සඳහා තාවකාලිකව ජෙරම් ජයරත්න මහතා පත්කරනු ලැබිණ.
ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා පූර්ණ කාලීන කළමණාකරුවකු පත්කරගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් අයැදුම්පත් කැඳවා තිබේ. නියමිත පරික්‍ෂණයකින් පසුව තෝරාගන්නා අයැදුම්කරු වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා පිලේ කළමණාකරු තනතුර දරනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.