Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කසුන් ජයසූරිය සමුගැනීමට සැරසෙයි

කසුන් ජයසූරිය සමුගැනීමට සැරසෙයි

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සෝන්ඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩක කසුන් ජයසූරිය ලබන සෙනසුරාදා (1) පැවැත්වීමට නියමිත එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සහභාගිවීමෙන් පසුව පළමු පෙළ පාපන්දු තරග බිමෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

 38 හැවිරිදි කසුන් ජයසූරිය 1996 සිට ක්‍රීඩා සමාජ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ දක්‍ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සලකන ඔහු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයෙකි. ඕල්ඞ් ජෝස්, පෙටා යුනයිටඞ්, රත්නම්, මීගමුව යූත් ඔහු මීට පෙර ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජ වේ.  

ශූරයන්ගේ ලීග් තරගාවලියේදී ඔහු වැඩිම ගෝල ලාභියාට හිමි රන් පාවහන් සම්මානය පිට පිටම තෙවරක් දිනා තිබේ. එක් තරගාවලියකදී ඔහු ගෝල 24ක් රැස්කර තිබේ.

වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස ඔහු ඉන්දියාවේ හා මාලදිවයිනේ ක්‍රීඩා සමාජයන්හි වසර අටකට ආසන්න කාලයක් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් ජාතික තරගාවලි රැසකට ක්‍රීඩා කර ඇති කසුන් දේශීය තරගබිමෙන් ඉවත්වීම ගැන ලංකාදීප යට පැවසුවේ වෘත්තීය පාපන්දු ක්‍රීඩාවක් නොමැති ශ්‍රී ලංකාව තුළ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කිරීම තවදුරටත් දුෂ්කර කටයුත්තක් වන බැවින් තමා මෙම තීරණය ගත් බවයි.

වරක් තරග පාවාදීමේ චෝදනාවකටද ඔහු ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනෙකු ලක්වුවත් පසුව කසුන් ඇතුළු ඔවුන්ගේ තහනම ඉවත් කෙරුණි.

 කසුන් ජයසූරිය දේශීය තරගබිමෙන් සමුගැනීමෙන් පසුව කසුන් ජයසූරිය පාපන්දු ඇකඩමිය නමින් පාපන්දු විද්‍යායතයක් ලබන දෙසැම්බර් 15 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. බදුල්ල ධර්මදූත හා කොළඹ ශාන්ත ජෝශප් යන විදුහලේහි ආදි ශිෂ්‍යයෙකු වන ඔහු ඉදිරියේදී පාපන්දු පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමට සූදානමින් පසුවේ. 

 


අදහස් (0)

කසුන් ජයසූරිය සමුගැනීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.