Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කමාන්ඩෝ අභියෝගය ජූලි 16 දා

කමාන්ඩෝ අභියෝගය ජූලි 16 දා

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා මොටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය එක්ව දෙවැනි වරට සංවිධානය කරන ‘කොමාන්ඩෝ අභියෝගය’ සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ජූලි මස 16 වැනිදා පෙරවරු 9.00 සිට ඌව, කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා මොටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, අභය සහ සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ‘ශ්‍රී ලංකා සුපර් සීරීස්’ තරග මාලාවේ පස්වැනි අදියර ලෙස මෙම තරගාවලිය පැවැත්වේ.

දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගන්නා ඉසව් 4 ද සමග මෝටර් රථ ඉසව් 12 කින් සහ යතුරුපැදි තරග 10 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. ඒ සඳහා දිවයිනේ ප්‍රධාන පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් ඇතුළු තරගකරුවන් 150 ක් පමණ සහභාගි වීමට නියමිතය. ඉතුක් වසරේ පැවැති සමාරම්භක ‘කොමාන්ඩෝ අභියෝගය’ සුපර් ක්‍රොස් තරගාවලියේ මෝටර් රථ ශූරතාව දිනාගැනීමට උෂාන් පෙරේරා සමත් වූ අතර යතුරුපැදි ශූරතාව දිනාගැනීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත් විය.

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ ඉදිකර තිබෙන මෝටර් රථ ධාවන පථය කිලෝමීටර් 1.9 ක දුරකින් සමන්විත වන අතර යතුරුපැදි ධාවන පථය කිලෝමීටර් 1.6 ක දුරකින් සමන්විත වේ. ශ්‍රී ලංකා මොටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු මෙන්ම ප්‍රවීන ධාවන පථ සකස්කරන්නකු වන හාන්ස් රැල්ෆ් කර්ප්‍රින්ස්කි මහතා ජාත්‍යන්තර සම්මතයන්ට අනුව මෙම ධාවන පථය නිර්මාණය කර තිබේ.

සියැට් කැළණි සමාගම මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

සියැට් කැළණි සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අළෙවි) බිෂ්රි ලතීෆ් මහතා විසින්  කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා මහතාට අනුග්‍රාහක චෙක්පත පිරිනැමූ අවස්ථාව....


අදහස් (0)

කමාන්ඩෝ අභියෝගය ජූලි 16 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.