Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කබඩි ඉසව්වේ පිරිමි රිදී පදක්කම ශ්‍රී ලංකාවට

කබඩි ඉසව්වේ පිරිමි රිදී පදක්කම ශ්‍රී ලංකාවට

editorial - 2019 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කබඩි ඉසව්වේ පිරිමි රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම අද (9 වැනිදා) සමත් විය.

අවසන් මහ තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 51-18 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට එහි රිදී පදක්කමත්, ඉන්දියාවට රන් පදක්කමත් හිමිවිය.

මේ අතර කාන්තා කබඩි ඉසව්වේ අවසන් පූර්ව වටයේදී ලකුණු 53-14 ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවිය.

කාන්තා අවසන් තරගයේදී ලකුණු 50-13 ක් ලෙස නේපාලය පරාජය කළ ඉන්දියාව එහි රන් පදක්කම දිනාගත් අතර නේපාලයට රිදී පදක්කම හිමිවිය.

-036

 


අදහස් (0)

කබඩි ඉසව්වේ පිරිමි රිදී පදක්කම ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.