Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කණ්ඩායම් 8 ක් ප්‍රසාද ලකුණු ඉදිරියට ගෙනයති

කණ්ඩායම් 8 ක් ප්‍රසාද ලකුණු ඉදිරියට ගෙනයති

රොෂාන් ගුණරත්න - 2020 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති පළමු වටයේ තරග වලදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටි සී.සී.සී, කෝල්ට්ස්, යුදහමුදා සහ බි.ආර්.සී කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයෙන්ද, එන්.සී.සී, හලාවත මේරියන්ස්, සැරසන්ස් සහ රාගම යන කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙන්ද, සුපිරි 8 වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්ව සිටිති.  ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් එස්.එස්.සී, මූවර්ස් සහ මිගමුව කණ්ඩායම් වලට මෙන්ම ‘බී’ කාණ්ඩයෙන් ද්‍රවිඩ සංගමය, බදුරලිය සහ ලන්කන් යන කණ්ඩායම් වලට පළඟ ශූරතාවලිය සඳහා තරග කිරීමට සිදු වෙයි.

සුපිරි 8 වටය සඳහා යන කණ්ඩායම් 8 සහ පළඟ ශූරතාවලිය සඳහා යන කණ්ඩායම් 6 ඒ ඒ කාණ්ඩවලදී ඔවුන් සමගින් ඉදිරියට යන කණ්ඩායම් වලට එරෙහිව පළමු වටයේදී ලබාගත් ප්‍රසාද ලකුණුද රැගෙන යති.

මාර්තු 15 වැනිදා වනවිට අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ තරග අවසන් වූවද දෙවැනි වටය ආරම්භ කිරීමට පෙර කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම් තත්වය හේතුවෙන් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

කොරෝනා වයිරස් අවදානම් තත්වය පහව යෑමෙන් පසුව නැවතත් තරගාවලිය ආරම්භ කරමින් දෙවැනි වටයේ තරග පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. ඒ අනුව සුපිරි 8 වටයේ තරග ජූලී 14 වැනිදාත්, පළඟ ශූරතාවලියේ තරග ජූලී 17 වැනිදාත් ආරම්භ කිරීමට නියමිතව ඇත.

තරගාවලිය ආරම්භයේදී සුපිරි 8 වටයේ තරග සිවුදින තරග ලෙස පැවැත්වීමට නියමිතව තිබුණද මහ මැතිවරණයට පෙර තරගාවලිය අවසන් කිරීමට නියමිතව ඇති බැවින් සියළුම තරග තෙදින තරග ලෙස පැවැත්වීමට තීරණය කර ඇත. සුපිරි කණ්ඩායම් 8 සමගින් පැවැත්වෙන තරගාවලියේදී ඉහළ ප්‍රසාද ලකුණු ගන්නා කණ්ඩායම ශූරතාව දිනාගනු ලබයි.

‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලිය පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත. කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී කණ්ඩායම් ඉහළ දැමීමක් හෝ පහත දැමීමක් සිදුනොවනු ඇත.


තරග කාලසටහන

 


අදහස් (0)

කණ්ඩායම් 8 ක් ප්‍රසාද ලකුණු ඉදිරියට ගෙනයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.