Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ට්‍රේලියානුවෝ ඩියුක් පන්දුව අතහරිති

ඕස්ට්‍රේලියානුවෝ ඩියුක් පන්දුව අතහරිති

editorial - 2020 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෂෙෆීල්ඩ් පළිහ තරගාවලියෙන් ඩියුක් පන්දුව ඉවත් කර මීළඟ ෂෙෆීල්ඞ් පළිහ තරගාවලියේ සිට පාරම්පරික කුකබුරා පන්දුව පමණක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. එංගලන්තයේ තත්වයන්ට ක්‍රීඩකයන් හුරු කරවීමට උත්සාහ කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය 2016 දී ඩියුක් පන්දුව හඳුන්වා දුන් අතර සෑම පලිහ තරගාවලියක දෙවන භාගයේදී ඒවා භාවිතා කරන ලදී.

ඩියුක්ස් පන්දුවල වඩා පැහැදිලිව පෙනෙන මැහුම් දාර ඇති නමුත් ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත කුකබුරා පන්දුවේ අළුත් බව බොහෝ කාලයක් පවතී. එබැවින් කුකබුරා පන්දුව තව දුරටත් දෝලනය කිරීමට හැකි වේ. කුකබුරා පන්දුව වෙත ආපසු යාම මේ අවස්ථාවේ නිවැරදි පියවරක් බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී පීටර් රෝච් මහතා පැවසීය.

“ඩියුක්ස් පන්දුව හඳුන්වාදීම ඉතා වටින දෙයක්. විශේෂයෙන් එංගලන්තයේදී පැවැත්වෙන ‘අළු බඳුන’ තරගාවලි වලදී ඩියුක් පන්දුව අපේ විරුද්ධවාදීන් විසින් හොඳින් භාවිතා කරනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

එංගලන්තය දිගින් දිගටම ඩියුක් පන්දුව භාවිතා කරන අතර ලෝකයේ වෙනත් බොහෝ රටවල ටෙස්ට් තරග සහ සීමිත ඕවර ක්‍රිකට් තරග සඳහා කුකබුරා පන්දුව බහුලව භාවිතා කරයි.
 

- 2079

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ ඩියුක් පන්දුව අතහරිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.