Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕෂධ වෙනුවට සධීර දඹුල්ල පිලට

ඕෂධ වෙනුවට සධීර දඹුල්ල පිලට

ශානුක අරවින්ද - 2020 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වළලුකර ඇඹරී යාම හේතුවෙන් සතියක කාලයක් ලන්කන් ප්‍රීමියර් ලීග් තරගාවලි‍යෙන් ඉවත් වීමට සිදුව ඇති දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු වෙනුවට තවත් දක්ෂ ආරම්භක පිතිකරුවකු වන සධීර සමරවික්‍රම කණ්ඩායමට කැඳවා තිබේ.  

ඕෂධගේ අනුප්‍රාප්තිකයා ලෙස දඹුල්ල කණ්ඩායමට එක්ව සිටින සධීර, පළමුපෙල තරගවලදී කෝල්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරයි. 25 හැවිරිදි සධීර, මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 4 කට, එක්දින තරග 7 කට සහ විස්සයි20 තරග 7 කටද ක්‍රීඩා කර ඇත.

ආරම්භක පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නකු ලෙසද කටයුතු කරන ඔහු, මේ දක්වා දෙස් විදෙස් විස්සයි20 තරග 46 කදී ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමග ලකණු 1104 ක් රැස්කිරීමට සමත්ව සිටියි. එහි සාමාන්‍යය 26.28 ක් ගන්නා අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ වේගය සටහන් වන්නේ 122.39 ක් ලෙසිනි. එහිදී උඩ පන්දු 29 ක් රැකගෙන ඇති සධීර, ස්ටම්ප් කිරීම් 19 කටද දායක වී ඇත.

මහනුවර ටස්කර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අතර 28 වැනිදා පැවැති තරගයේදී නිරෝෂන් දික්වැල්ල සමග දඹුල්ල ඉනිම ඇරඹූ ඕෂධ, තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ලකුණක් සඳහා දිවයද්දී තණතීරුව මත ඇදවැටීම නිසා ඔහුගේ වළලුකර ඇඹරී ගියේය.  
 
මහනුවර තරගයෙන් අනතුරුව ඕෂධ එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට යොමුකළ බවද, එහි ප්‍රතිඵලවලට අනුව ඔහුගේ වළලුකර පෙදෙසේ මස්පිඬු ඉරීයෑමකට ලක්ව ඇතැයි දැනගැනීමට ලැබුණ බවද දඹුල්ල කණ්ඩායමේ ‍වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් පැවසීය. ඒ හේතුවෙන් ඕෂධට සතියක පමණ කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇතැයිද වැඩිදුරටත් ඔහු කියා සිටියේය.

මෙම ආබාධය හේතුවෙන් මේ මස අගදී පැවැත්වෙන ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු තරගාවලියද ඔහුට අහිමි වීමේ අවදානමක් පවතී.

 


අදහස් (0)

ඕෂධ වෙනුවට සධීර දඹුල්ල පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.