Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕල්කට් අනුස්මරණ කුසලාන මහින්ද විදුහලට

ඕල්කට් අනුස්මරණ කුසලාන මහින්ද විදුහලට

editorial - 2019 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම සිවුවැනි වරටත් ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගාල්ල මහින්ද විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායම සමත් විය. බෞද්ධ පාසල් 8 ක සහභාගීත්වයෙන් 20 වැනි වරටත් පැවැති මෙම තරගාවලිය ඉකුත්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය.

අවසන් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද විදුහල ඕවර 5 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 55 ක් රැසකළ අතර මහින්ද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හිරන්ත විජේසිංහ ලකුණු 26 ක් ලබා ගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 56 ක ඉලක්කයක් හඹාගිය ධර්මරාජ විදුහලට නියමිත ඕවර 5 අවසානයේදී කඩුලු 2 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 51 ක් පමණි. එහිදී දිනූෂ බණ්ඩාර නොදැවී ලකුණු 31 ක් රැස්කළේය. ඒ අනුව මහින්ද විදුහලට ලකුණු 4 ක තියුණු ජයක් හිමිවිය.

තරගාවලියේ වීරයා ලෙස මහින්ද විදුහලේ තුසිත් ප්‍රියන්ත සම්මාන දිනාගත් අතර එම විදුහලේම හිරන්ත විජේසිංහ අවසන් තරගයේ වීරයා ලෙසත්, උපුල් චන්දන දක්ෂතම පන්දු යවන්නා ලෙසත්, එම්.එම්. තරංග දක්ෂතම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනාගත්හ. දක්ෂතම පිතිකරු ලෙස සම්මාන දිනාගනු ලැබුවේ ධර්මරාජ විදුහලේ දිනූෂ බණ්ඩාර විසිනි.

කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද, කුරුණෑගල මලියදේව, අම්බලන්ගොඩ ධර්මාශෝක, මාතර රාහුල, කොළඹ නාලන්දා සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණ.

අර්ජුන රණතුංග (ආනන්ද), සංජීව රණතුංග (ආනන්ද), උපුල් චන්දන (මහින්ද), රංජිත් මධුරසිංහ (මලියදේව), ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (රාහුල), ඉෂාර අමරසිංහ (නාලන්දා) සහ සමන් ජයන්ත (ධර්මාශෝක) වැනි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට සහභාගි වූහ.

මූලික වටයේදී ‘ඒ’ සහ ‘බී’ ලෙස කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැති අතර ‘ඒ’ කණ්ඩයෙන් කොළඹ නාලන්දා විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහලත්, ‘බී’ කාණ්ඩයෙන් ගාල්ල මහින්ද විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

නාලන්දා - ධර්මරාජ අවසන් පූර්ව තරගයේ ලකුණු සම වීම නිසා කාසියේ වාසිය උරගා බැලීමෙන් ජයග්‍රාහකයා තෝරා ගැනුණ අතර එහිදී කාසියේ වාසිය දිනූ ධර්මරාජ විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. මහින්ද විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී ධර්මාශෝක විදුහල පරාජය කරමිනි.


අවසන් මහ තරගය

මහින්ද විදුහල - ඕවර 5 කදී කඩුලු 2 කට 55
(හිරන්ත විජේසිංහ 26, උපුල් චන්දන නොවැදී 13, චින්තක වීරසිංහ 04/1)

ධර්මරාජ විදුහල - ඕවර 5 කදී කඩුලු 2 කට 51
(දිනූෂ බණ්ඩාර නොදැවී 31, තනූජ ගොඩවත්ත 14, තුසිත ප්‍රියන්ත 15/1, අසේල වේවැල්වල 09/1)

ජයග්‍රාහී මහින්ද කණ්ඩායම

 

අනුශූරතාව හිමිවූ ධර්මරාජ කණ්ඩායම


-036

 


අදහස් (0)

ඕල්කට් අනුස්මරණ කුසලාන මහින්ද විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.