Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් කමිටුවත් ඊ-ක්‍රීඩාවත් එක්වෙයි

ඔලිම්පික් කමිටුවත් ඊ-ක්‍රීඩාවත් එක්වෙයි

editorial - 2020 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පරිගණක ආශ්‍රිතව කෙරෙන ක්‍රීඩාවක් වන ඊ-ක්‍රීඩා ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සහ ‘ගේමර්’ ආයතනය ගිවිසුමකට එළඹ සිටී. ඉන් ගේම් එන්ටටේට්මන්ට් මව් සමාගමට අනුබද්ධිත සන්නාමයක් වන ‘ගේමර්’ සමාගම 2007 වසරේ සිට ඊ-ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටී.

2020 ජනවාරි මාසයේදී පැවැත්වෙන ඉන් ගේම් දකුණු ආසියානු කුසලාන ඊ-ක්‍රීඩා තරගාවලිය එලෙස සංවිධානය කරන ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය වෙයි. දකුණු ආසියානු කලාපයේ දක්‍ෂතම කණ්ඩායම් 6 ක් මෙම තරගාවලිය සඳහා දිවයිනට පැමිණීමට නියමිතය.

“මෙය හවුල්කාරිත්වයක් පමණක් නොවෙයි. මෙය පුළුල් දැක්මක් සහිත ක්‍රමෝපායික ක්‍රියාමාර්ගයක් ලෙස හැඳින්විය හැකියි..... ඊ-ක්‍රීඩා කියන්නේ මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිගෙන ඇති ඉසව්වක්”
“2018 වසරේදී පැවති ආසියානු ක්‍රීඩා උලෙලේදී එම ඉසව්ව ප්‍රදර්ශන ඉසව්වක් ලෙස පැවැත්වුණා. එබැවින් එය 2020 දී ටෝකියෝ නුවරදී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේදී එක් තරග ඉසව්වක් ලෙසත් දැකගත හැකියි” යයි ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය.

චීනයේ හැංසෝහිදී වසර 2022 දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙලේදී පදක්කම් ප්‍රදානය කෙරෙන ඉසව්වක් ලෙස ඊ-ක්‍රීඩා සංවිධානය කෙරෙන බැවින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊ-ක්‍රීඩා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත් මැක්ස්වෙල් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ඊ-ක්‍රීඩා සංගමයේ ආරම්භක සභාපති මෙන්ම ‘ගේමර්’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා සඳහන් කළේ ජාතික ඔලිම්පික් කමිටුව සමග ඇතිකරගත් මෙම ගිවිසුම නුදුරු අනාගතයේදී ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති කරන ඊ-ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ඔසවා තැබීමට නායකත්වය දීමක් බවයි.

වීඩීයෝ ක්‍රීඩාවල තරගකාරී ස්වරූපය ඊ-ක්‍රීඩා මගින් නිරූපණය කෙරෙන අතර එය ක්‍රීඩාවක් ලෙස පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ක්‍රිඩා අමාත්‍යාංශය විසින් පිළිගන්නා ලදී. පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා සංවිධාන කෙරුණු අන්තර් පාසල් ඊ-ක්‍රීඩා ශූරතාවලියට ද ජාතික ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහය හිමිවිය.
දිවයින පුරා පාසල් 150 කට වැඩි සංඛ්‍යාවක් මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි වූ අතර ඊ-ක්‍රීඩාව නගරයට පමණක් සීමා වී නැති බව එමගින් මනාව පිළිබිඹු විය.

 

ශ්‍රි ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සහ ඉන්ගේම් එන්ටටේන්මන්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ උපදේශක ගෝබිනාත් ශිවරාජා, එම කමිටුවේ මාධ්‍ය අංශ ප්‍රධානී එස්.ආර් පතිරවිතාණ සහ ඉන්ගේම් එන්ටටේට්මන්ට් සමාගමේ අධ්‍යක්ෂ විකුම් ජයසේකර යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.

 


අදහස් (0)

ඔලිම්පික් කමිටුවත් ඊ-ක්‍රීඩාවත් එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.