Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පියන්ස්ලා හෙට ජනපති හමුවේ

ඔලිම්පියන්ස්ලා හෙට ජනපති හමුවේ

Nisanka Sandeepani - 2017 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලන්ඩන් (1948) ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිට රියෝ (2016) ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වා නියෝජනය කර ඇති ශ්‍රී ලන්කන් ඔලිම්පියන්ස්ලා 44 දෙනෙකු මෙම ජූලි  24 දා (හෙට) ප.ව 6.30 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.

මෙම හමුවේ දී ශ්‍රීලංකා ඔලිම්පියන්ස්ලා විශේෂ ඇගයීමකට ලක් කෙරෙන අතර එහි දී ශ්‍රී ලංකා ඔලිම්පියන්ස්ලාගේ සුභසාධනය වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක්  යෝජනා කිරීමටද බලාපොරොත්තු වේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ ස්වර්ණ ජයන්තිය (1967-2017) නිමිත්තෙන් ක්‍රීඩා ඇමති  දයාසිරි ජයසේකර මහතා සහ ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සම්බන්ධීකරණයෙන්  මෙම ජනාධිපති හමුව සහ ඔලිම්පික් ක්‍රීඩක දක්ෂතා ඇගයීම සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  96 දෙනෙකු සහ මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර ඉන් 67 දෙනෙකු පමණක් දැනට ජිවත්ව සිටින බවත් තවත් 23 දෙනෙකු විදේශ ගතව ජීවත් වන බවත් ශ්‍රී ලංකා ඔලිම්පික් සංගමය පවසයි.


අදහස් (0)

ඔලිම්පියන්ස්ලා හෙට ජනපති හමුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.