Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඒෂාන්ට තවත් ජාත්‍යන්තර ජයක්

ඒෂාන්ට තවත් ජාත්‍යන්තර ජයක්

editorial - 2019 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ සෙපැන්ග් ජාත්‍යන්තර ධාවන පථයේදී පැවැති රොටැක්ස් මැක්ස් ආසියානු ශූරතා 2019 තරගාවලියේ තෙවන වටයේදී ඩී.ඩී. - 2 ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක එෂාන් පීරිස් සමත් විය. මෙම තරගාවලියේම පළමු වටය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාස 3 ක පමණ කාලයක නිහැඬියාවකින් පසුව එෂාන් මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

ඔහුගේ කළමනාකරු සහ පුහුණුකරු වන ඒරන් ලිම් මහතාගේ මඟපෙන්වීම යටතේ ආර්.එල්. කාර්ටින් කණ්ඩායමට ක්‍රීඩා කළ එෂාන් ‘බිරල් අර්ට්’ වර්ගයට අයත් රථයෙන් තරගයට ඉදිරිපත් විය.

සුදුසුකම් ලැබීමේ තරගවලදී පස්වැනි ස්ථානයෙන් ආරම්භ කළ එෂාන් පළමු තරගයේදී දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් විය. දෙවැනි තරඟයේදී සිදුවුණු අනතුරක් නිසා එෂාන්ට එම තරගයෙන් ඉවත් වීමට සිදු වූ අතර ඒ හේතුවෙන් අවසන් පූර්ව තරගය 10 වැනි ස්ථානයෙන් ආරම්භ කිරීමට ඔහුට සිදු විය.

කෙසේ වෙතත් සිය සුපුරුදු දක්ෂතා දක්වමින් උද්වේගකාරී ධාවනයක යෙදුණු එෂාන් අවසන් පූර්ව තරගයේ දෙවැනි ස්ථානයට පත් වූ අතර ඒ අනුව අවසන් තරගය දෙවන ස්ථානයේ සිට ආරම්භ කිරීමේ අවස්ථාව හිමිකර ගත්තේය.

ඉතාමත් තරගකාරී වූ අවසන් තරගය ආරම්භ වී වට කිහිපයක් නිමා වෙද්දී, පළමු ස්ථානයෙන් තරගය ආරම්භ කළ ඩී.ආර්.එම් මෝටර් ස්පෝර්ට්ස්හි අමෙර් හැරිස් පසුකර යෑමට එෂාන් සමත් විය. එහිදී ලබාගත් වේගවත් ධාවනය පහසු ජයග්‍රහණයක් බවට පත්කරගමින් ඒෂාන් අවසන් තරගය නිමා කළේය.

2015 වසරේ සිට ආර්.එල්. කාර්ටින් කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රංශය, ජපානය, චීනය, සිංගප්පූරුව, මැලේසියාව සහ තායිලන්තය වැනි ආසියාවේ මෙන්ම ලෝකයේ විවිධ රටවල පැවැති තරගවලට සහභාගී වෙමින් ජයග්‍රහණ අත්කර ගැනීමට එෂාන් පීරිස් සමත්වී තිබේ.

ඬේවිඞ් පීරිස් සමූහයේ සාමාජික ඬේවිඞ් පීරිස් රේසිං ඇන්ඞ් ලෙෂර් සමාගමට අයත් ශ්‍රී ලංකවේ පළමු සහ එකම ජාත්‍යන්තර කාර්ටින් ධාවන පථය පිහිටි ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට්හි සන්නාම තානාපතිවරයා වන එෂාන් පීරිස්, මේ වන විට ජපානයේ පැවැත්වෙන ෆෝමියුලා ෂෂෂ ආසියානු ශූරතාවලිය සඳහා පිටත්ව ගොස් ඇත.

 


-036

 


අදහස් (0)

ඒෂාන්ට තවත් ජාත්‍යන්තර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.