Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඒෂාන්ට - යෙවාන්ට අවසන් තරගය අහිමි වෙයි

ඒෂාන්ට - යෙවාන්ට අවසන් තරගය අහිමි වෙයි

editorial - 2019 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රොටැක්ස් මැක්ස් අභියෝග කුසලාන ජාත්‍යන්තර කාර්ටින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ඒෂාන් පීරිස්ට සහ යෙවාන් ඩේවිඩ්ට අහිමිවී ගියේය. මෙම තරගාවලිය ඉකුත් සති අන්තයේ ඉතාලියේදී පැවැත්විණ.

තරගාවලියේ පළමු අදියර සාර්ථකව (18 වැනියා ලෙස) නිමා කළ ඒෂාන්ට, අනතුරකට ලක්වීම නිසා දෙවැනි අදියර නිමා කිරීමට නොහැකි විය. ඒ හේතුවෙන් ඔහු තෙවැනි අදියරේදී දැඩි පසුබෑමකට ලක් වූ අතර 31 වැනියා ලෙස එම අදියර නිමා කළේය.

අවසන් පූර්ව තරගයේදීද තරමක් ඉදිරියට එමින් 22 වැනියා ලෙස තරගය නිමා කිරමට ඒෂාන් සමත් වුවත්, තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට තරමින් එම දක්ෂතාව ප්‍රමාණවත් නොවීය.

පළමු අදියර දෙකේදී තරමක පසුබෑමක් පෙන්නුම් කළ යෙවාන් පළමු අදියර 25 වැනියා ලෙසද, දෙවැනි අදියර 32 වැනියා ලෙසද නිමා කළේය. කෙසේ වුවත් තෙවැනි අදියරේදී 17 වැනි ස්ථානය හිමිකරගත් ඔහු අවසන් පූර්ව තරගයේදී 16 වැනියා බවට පත්විය. එහෙත් ඒෂාන්ට මෙන්ම යෙවාන්ටද අවසන් මහා තරගයේ ස්ථානයක් හිමිකර ගැනීමට නොහැකි විය.


 

-036

 


අදහස් (0)

ඒෂාන්ට - යෙවාන්ට අවසන් තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.