Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එෆ්.ඒ. කුසලාන අවසන් පූර්ව තරග අද

එෆ්.ඒ. කුසලාන අවසන් පූර්ව තරග අද

නාමල් පතිරගේ - 2020 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා සමාජ 827 ක් තරග වැදුණු “වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන” පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග වටය රීඞ් මාවත තුරඟ තරග පිටියේදී දී අද (1 වැනිදා) පැවැත් වේ. අද පස්වරු 4.00 ට සෝන්ඩර්ස් කණ්ඩායම හා ගුවන් හමුදා (බ්ලූ ඊගල්) කණ්ඩායම අතර තරගය පැවැත්වේ. පස්වරු 6.30 ට පොලිස් කණ්ඩායම සහ කළුතර බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම අතර තරගය පැවැත් වේ.

අවසන් පූර්ව වටයට පිවිසි සෝන්ඩර්ස් කණ්ඩායම පහුගිය වසරේ අනුශූරතාව හිමිකර ගත් කණ්ඩායමයි. කෙසේ වුවත් ගිය වර ශූරතාව දිනාගත් යුද හමුදා (ඩිෆෙන්ඩර්ස්) කණ්ඩායම පරාජයට පත් කරමින් පොලිස් කණ්ඩායම වසර ගණනාවකට පසුව වසරේ ප්‍රධානතම පිළිමලුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ මෙවර අවසන් පූර්ව තරගය දක්වා පැමිණ සිටී.

කළුතර බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම මේ දක්වා එෆ්. ඒ. කුසලාන දිනා නැත. එහෙත් ඔවුන් දෙවතාවක්ම අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගෙන තිබේ.  තරගාවලියේ අවසන් වටයට කෙළින්ම සුදුසුකම් ලැබූ කණ්ඩායම් හතරක් මෙවර අවසන් පූර්ව තරග සඳහා ප්‍රවේශ වී සිටියි.

මහනුවර නගර සභා පිල දඬුවම් පහර 4-2 කින් පරාජය කරමින් මෙවර එෆ්.ඒ. කුසලාන තරගාවලියේ සිය ගමන් මග ඇරඹූ කළුතර බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම අනතුරුව රෙඞ් ස්ටාර් (දඬුවම් පහර 4-3), නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස් (6-2), බන්ධනාගාර (අර්ධ අවසන් පූර්ව 1-0) යන කණ්ඩායම් පසුබස්සවමින් අවසන් පූර්ව වටයට ළඟා වීමට සමත් විය.

පොලිස් කණ්ඩායමට වසර 2008න් පසුව එෆ්.ඒ. කුසලාන අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාවක් අද හිමිව තිබෙන අතර සෝන්ඩර්ස් යනු ශ්‍රී ලංකා එෆ්.ඒ කුසලාන පාපන්දු ඉතිහාසයේ නොමැකෙන නමක් තබා තිබෙන එම කුසලාන වැඩිම වාර ගණනක් දිනාගත් කණ්ඩායමයි. එසේ වුවත් වසර 2001 න් පසුව ඔවුන් කුසලාන දිනා ගැනීමට සමත්ව නැත.
 
ගුවන් හමුදාව හෙවත් බ්ලූ ඊගල් ක්‍රීඩා සමාජය එෆ්.ඒ කුසලාන දිනූ එකම අවස්ථාව 1986 තරගාවලියයි. ඒ අවසන් මහ තරගයේ දී රිනවුන් කණ්ඩායම පරාජය කරමිනි.

එෆ්.ඒ කුසලාන තරග ඉතිහාසයට නවක නොවන ක්‍රීඩා සමාජ හතරක් මෙවර අවසන් පූර්ව වටයට ප්‍රවේශ වී සිටින අතර අද පැවැත්වෙන අවසන් පූර්ව තරග ඒ නිසාම තියුණු තරගකාරීත්වයක් උසුලන බව නොඅනුමානය.

 


අදහස් (0)

එෆ්.ඒ. කුසලාන අවසන් පූර්ව තරග අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.