Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එෆ්. ඒ. කුසලාන තරගාවලිය පෙබරවාරියේදී

එෆ්. ඒ. කුසලාන තරගාවලිය පෙබරවාරියේදී

ශනුක අරවින්ද - 2019 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසරේ ප්‍රධානතම පිළිමලුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය වන අන්තර් සමාජ එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය පෙබරවාරි මාසයේදී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සූදානම් වේ. තරග කමිටුවේ සභාපති සහරාන් සිංහවංශ මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ වෙතින් අයැදුම්පත් බාරගැනීම මෙම 31 වැනිදා දක්වා සිදුකෙරෙන බවයි.

තරග අයැදුම් පත්‍රිකා මේ වනවිට දිවයිනේ පාපන්දු ලීග (සංගම්) වෙත යොමුකර ඇතැයිද ඒ මහතා පැවසීය.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 800 ක් පමණ අයැදුම් කරනු ඇතැයි පාපන්දු සම්මේලනයේ තරග කමිටුව විශ්වාසය පළකරයි. ඒ සඳහා කණ්ඩායම් සහභාගිත්වය දිවයිනේ සියලු පාපන්දු ලීග වෙත අනිවාර්ය කර තිබේ. එෆ්.ඒ. කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට පෙර පාපන්දු ලීග මාර්ගයෙන් ක්‍රීඩා සමාජ වෙත පන්දු හා මුදල් ප්‍රදානයක් සිදුකිරීමට පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

එහි මුල් පියවර ලෙස පාපන්දු ලීග සඳහා රුපියල් ලක්ෂයක් බැගින් මුදල් ප්‍රදානය කිරීමට පාපන්දු සම්මේලනය කටයුතු කර තිබුණි. එහෙත් ඉතිරිය ලබාදීම ප්‍රමාදවී ඇතැයි ඇතැම් පාපන්දු ලීග නගන චෝදනාව ගැන පාපන්දු සම්මේලනය ප්‍රකාශ කරන්නේ කලින් ලබාගත් ගෙවීම්වල වියදම් වාර්තාවක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බවත් එයින් පසුව පාපන්දු සම්මේලනය ඉතිරි මුදල් ලීග සඳහා පොරොන්දු වූ පරිදි ලබාදෙන බවයි.

දැන් පැවැත්වෙන ශූරයන්ගේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සඳහා ද රුපියල් ලක්ෂ දෙකක් බැගින් මේ වන විට ඊට සහභාගි වන ක්‍රීඩා සමාජ සඳහා පාපන්දු සම්මේලනය ලබාදී තිබේ.

පසුගිය වසරේ එෆ්.ඒ. කුසලාන අවසන් මහ තරගයේද යුද හමුදා කණ්ඩායම විසින් සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල 5-2 කට පරාජය කරමින් ශූරතාව දිනාගන්නා ලදී. මෙවර තරගාවලිය ඉදිරි මාස හතරක් ඇතුළත පවත්වා අවසන් කරන බව තරග කමිටුවේ සභාපති සහරාන් සිංහවංශ මහතා පවසයි.


අදහස් (0)

එෆ්. ඒ. කුසලාන තරගාවලිය පෙබරවාරියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.