Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එළියකන්ද තරණයට අයැදුම්පත් කැඳවයි

එළියකන්ද තරණයට අයැදුම්පත් කැඳවයි

ශානුක අරවින්ද - 2021 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 25 වැනි වරටත් සංවිධානය කරන ‘එළියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය පෙබරවාරි මස 27 සහ 28 යන දිනවලදී පෙරවරු 8.00 සිට මාතර බ්‍රවුන්ස් කන්ද කේන්ද්‍ර කරගෙන පැවැත්වේ. මේ වසරේදී (2021) පැවැත්වෙන පළමු මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මෙන්ම ජාතික මෝටර් රථ ශූරතාවලියට අයත් පළමු තරගාවලිය ලෙසද මෙම තරගාවලිය හැදින්විය හැකිය.

තරගාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනීම පෙබරවාරි මස 19 වැනිදා අවසන් වන අතර කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර සාමාන්‍ය තැපෑල ඔස්සේ හෝ අතින් ගෙනැවිත් දෙන අයැදුම්පත් බාර නොගැනීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ.  

ඒ අනුව මොටර් රථ තරග සඳහා

https://docs.google.com/forms/d/e/1FAIpQLSfzXSFCsPt5rPxoF3pXk_zItz4GM3wUk4Fpn69THKzioqt9Sg/viewform
අන්තර්ජාල සම්බන්ධිතය ඔස්සේ අයැදුම්පත් යොමුකළ හැකිය.

යතුරුපැදි තරග සඳහා https://docs.google.com/forms/d/e/1FAIpQLSf 
අන්තර්ජාල සම්බන්ධිතය ඔස්සේ අයැදුම් කළ හැකිය.

මීටර් 600 ක දිගකින් යුත් තාර ඇතිරූ මාර්ගයක පැවැත්වෙන මෙම තරගාවලිය මෝටර් රථ ඉසව් 16 කින් සහ යතුරුපැදි ඉසව් 12 කින් සමන්විත වේ. මෙම ඉසව් සඳහා මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් 200 ක් පමණ සහභාගිවනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

සෑම ඉසව්වකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා කුසලාන සහ සහතික පත් පිරිනැමෙන අතර අඩුම වේලාවකින් තරගය නිමා කරන මෝටර් රථ ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙසත්, අඩුම වේලාවකින් තරගය නිමා කරන යතුරුපැදි ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසත් සම්මාන ලැබීමට නියමිතය.

ඉකුත් වසරේ (2020) පැවැති එළියකන්ද තරණයේදී දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට සහභාගි වූ අශාන් සිල්වා සමත් විය. එහිදී ඔහුට තරග වටයක් නිමා කිරීම සඳහා වැය වූ අවම කාලය තත්පර 32.428 කි. එම වසරේදී අවම කාලයකින් (තත්පර 33.752 කින්) තරග වටයක් නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගනු ලැබුවේ සංගීත් සූරියගේ විසිනි. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 දක්වා) සුපර් මෝටාඩ් විවෘත යතුරුපැදි තරගය ජය ගනිමිනි.

කෙසේ වුවත් මේ දක්වා පැවැති එළියකන්ද තරණ තරගාවලි 24 තුළදී ක්‍රීඩකයකු වාර්තා කළ හොඳම කාලයට හිමිකම් කීමට ඩිලාන් සෙනෙවිරත්න සමත්ව සිටියි. 2018 පැවැති තරගාවලියේදී එස්.එල්.එෆ්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1665 දක්වා) නවීකරණය කළ ෆෝමියුලා මැක්ලරන්ස් ඉසව්ව තත්පර 32.422 කින් නිමා කරමින් ඔහු එම වාර්තාව පිහිටුවීය.

071-6095549 යන දුරකතන අංකය ඔස්සේ සරිඳු ගමගේ හෝ 0710660675 යන දුරකතන අංකය ඔස්සේ සඳරු ධීරසේකර සම්බන්ධ කර ගැනීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

 


අදහස් (0)

එළියකන්ද තරණයට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.