Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්.පී.එල්. අවලංගුයි

එල්.පී.එල්. අවලංගුයි

යොහාන් භාසුර - 2020 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මස 28 වැනිදා ආරම්භ කිරීමට සූදානම් වූ ‘ලංකා ප්‍රීමියර් ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය (එල්.පී.එල්.) අවලංගු කිරීමට සිදුවී ඇති බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහ මිලදී ගැනීමට පුද්ගලයන් ඉදිරිපත් නොවීම තරගාවලිය අවලංගු කිරීමට ප්‍රධාන හේතුව බවට පත්ව ඇතැයි තරගාවලියට සම්බන්ධ නිලධාරියෙක් ‘ලංකාදීප’ පැවසීය.

“තරගාවලිය සංවිධානය කිරීමේ අයිතිය අපි අයි.පී.ජී. සමාගමට දුන්නා. ඔවුන් තමයි කණ්ඩායම් පහට අයිතිකරුවන් සෙවිය යුත්තේ. කෙසේ වෙතත් මේ වන විට ඔවුන්ට කණ්ඩායම් අළෙවි කළ නොහැකි වෙලා තියෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මෙම තරගාවලියට සහභාගි වීම සඳහා පැමිණෙන සියලුම විදේශීය ක්‍රීඩකයන් අනිවාර්යයෙන්ම දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බව ඊයේ (11 වැනිදා) පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය බලධාරීන් විසින් ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනයට දැනුම් දී තිබේ. තරගාවලිය මේ මස 28 වැනිදා ආරම්භකිරීමට නියමිත හෙයින් තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයන් මේ මස 14 වැනිදා වන විටත් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව තිබේ.

කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට විදේශීය ක්‍රීඩකයන් 30 ක් ද සහභාගි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් ඊයේ පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ එල්.පී.එල්. තරගාවලිය නොවැම්බර් මස 10 වැනිදායින් පසුව පැවැත්වෙන බවයි. එහෙත් නොවැම්බර් මාසයේ සිට අන්තර්ජාතික ක්‍රිකට් පිටිය ඉතාමත් කාර්ය බහුල වන අතර රට රටවල් අතර තරගාවලි රැසක් අඛණ්ඩව පැවැත්වීමට නියමිතව තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් කල්දමන ලද තරගාවලි රැසක් මෙම කාලයේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

එල්.පී.එල්. අවලංගුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.