Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එන්.සී.සී - මේරියන්ස් අනුශූරතාව හඹා යති

එන්.සී.සී - මේරියන්ස් අනුශූරතාව හඹා යති

රොෂාන් ගුණරත්න - 2020 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අනුශූරතාව හිමිකර ගැනීම සඳහා එන්.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර තියුණු තරගයක් මේ වනවිට දක්නට ඇත. පූර්ණ ජයක් හිමිකර ගන්නා කණ්ඩායමට අනුශූරතාව හිමිකර ගැනීමේ අවස්ථාව ඇති අතර මේ වනවිට ඉනිමකින් තරගය ජයගැනීම සඳහා එන්.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් දැඩි උත්සහයක නිරත වෙමින් සිටිති.

සී.සී.සී පිල මේ වනවිටත් ශූරතාව හිමිකරගෙන ඇති බැවින් මෙම තරගය පරාජයට පත්වුවද ඔවුන්ගේ ජයග්‍රහණයට එය බලනොපානු ඇත.

සැරසන්ස් පිලට එරෙහිව ත්‍රිත්ව ශතකයක් ලබාගත් යුදහමුදා පිලේ දිනේෂ් චන්දිමාල් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ක්‍රීඩකයකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට අද (26 වැනිදා) සමත්විය.

පන්දු 391 කට මුහුණදුන් චන්දිමාල්ගේ ඉනිමට හයේ පහර 9 ක් සහ හතරේ පහර 33 ක් ඇතුළත් විය. චන්දිමාල් වාර්තාව අලුත් කිරීමත් සමගින් පළමු ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 642 ක් රැස්කර සිටි යුදහමුදා පිල ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා සැරසන්ස් පිලට ආරාධනා කළේය.

චන්දිමාල් ලබාගත් මෙම ත්‍රිත්ව ශතකයත් සමගින් මෙවර අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 1000 සම්පූර්ණ කළ දෙවැනි පිතිකරුවා බවට පත්වීමටද ඔහුට අවස්ථාව ලැබුණි. තරග 8 කට ක්‍රීඩාකර ඇති චන්දිමාල් ඉනිම 13 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 1027 ක් රැස්කිරීමට සමත්වූ අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 93.36 ක් ලෙස සටහන් විය.


එන්.සී.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 458
(ළහිරු උදාර 66, නිරෝෂන් දික්වැල්ල 57, චතුරංග ද සිල්වා 41, ඇන්ජලෝ පෙරේරා 107, සහන් ආරච්චිගේ 44, කමිල් මිශාර නොදැවී 72, දුෂ්මන්ත චමීර 28, ප්‍රභාත් ජයසූරිය 117/4, ඩිල්රුවන් පෙරේරා 119/4)
කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 222
(සධීර සමරවික්‍රම 39, ඇන්ජලෝ මැතිව්ස් 52, ඩිල්රුවන් පෙරේරා 27, නිසල තාරක 22, අකිල ධනංජය 22, චතුරංග ද සිල්වා 56/5, ලසිත් ඇඹුල්දෙණිය 47/2, අෂේන් ඩැනියෙල් 59/2)
කෝල්ට්ස් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී ලකුණු 119
(සධීර සමරවික්‍රම 51, ඇන්ජලෝ මැතිව්ස් 30, අෂේන් ඩැනියෙල් 30/3, දුෂ්මන්ත චමීර 12/2)

 

සී.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
සී.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 287
(අෂාන් ප්‍රියංජන් 35, ලසිත් අබේරත්න 68, වනිඳු හසරංග 23, ළහිරු මදුශංක 45, ළහිරු සඳකැන් 35, නිමේෂ් විමුක්ති 59/5, අසිත ප්‍රනාන්දු 75/3)
හලාවත මේරියන්ස් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී ලකුණු 458
(ලසිත් කෲස්පුල්ලේ 50, ඕෂධ ප්‍රනාන්දු 85, රුමේෂ් බුද්ධික 56, ශෙහාන් ජයසූරිය 108, පුලින තරංග 34, කසුන් විදුර 61, තික්‍ෂිල ද සිල්වා 20, මාලින්ද පුෂ්පකුමාර 106/4, ලක්ෂාන් සඳකැන් 112/3)
සී.සී.සී දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී ලකුණු 68
(මිනෝද් භානුක 25, කුසල් මෙන්ඩිස් නොදැවී 25, ශෙහාන් ජයසූරිය 17/2)


යුදහමුදාව සහ සැරසන්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
යුදහමුදා පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී ලකුණු 642
(අශාන් රන්දික 63, පැතුම් දිල්ශාන් 67, දිනේෂ් චන්දිමාල් නොදැවී 354, ලක්ෂාන් එදිරිසිංහ 45, ජනිත් සිල්වා 35 ,සාලිය සමන් 97/2, මොහොමඩ් දිල්ෂාඩ් 86/2, ප්‍රමෝද් මදුවන්ත 90/2)
යුදහමුදා පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී ලකුණු 72
(සිතාර ගිම්හාන් 26, ගමිඳු අමරසිංහ නොදැවී 40, දුෂාන් විමුක්ති 34/2)


බී.ආර්.සී සහ රාගම කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 491
(ළහිරු තිරිමාන්න 140, උදාර ජයසුන්දර 158, ශෂික දුල්ෂාන් 21, ඉෂාන් ජයරත්න 36, බිනුර ප්‍රනාන්දු නොදැවී 52, අමිල අපෝන්සු 38, හෂේන් රාමනායක 80/3, දුවිඳු තිලකරත්න 136/3)
බී.ආර්.සී පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී ලකුණු 142
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 50, ලසිත් ලක්ෂාන් 32, ශානුක දුලාජ් නොදැවී 59

 


අදහස් (0)

එන්.සී.සී - මේරියන්ස් අනුශූරතාව හඹා යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.