Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එකම රටකින් ඇවිත් හබයකට මුල පුරති

එකම රටකින් ඇවිත් හබයකට මුල පුරති

editorial - 2021 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුපිරි වැටුප් හා දීමනා ගෙවමින් එකම රටකින් ශ්‍රී ලංකාවේ සේවයට ගෙන්වා ගත් විදේශීය පුහුණුකරුවන් දෙදෙනකු අතර ඇති වී තිබෙන බව කියන හබයකින් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගමයක් තැතිගෙන ඇතැයි වාර්තා වේ.

දැනගන්නට ලැබෙන පරිදි මෙම හබය දුරදිග යාම හේතුවෙන් එක් පුහුණුකරුවකු ශ්‍රී ලංකාවේ සේවය අතරමග අවසන් කර නැවැතත් සිය රට බලා යාමට අවසර ඉල්ලා තිබේ. එහෙත් සම්මේලනයේ ප්‍රධානීන්ගෙන් ඔහුට ඊට අනුමැතිය ලැබී නැත.

මෙම ක්‍රීඩාවට අන්තර්ජාතික සම්මේලනයෙන් අරමුදල් ගලාගෙන ආවත් ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් හැමදාමත් අඩියේම සිටින ක්‍රීඩාවකි. ක්‍රීඩා සමාජ 900 කට වැඩි ගණනක් තිබුණත් ක්‍රීඩාවේ කිසිම ප්‍රගතියක් නැත.

බොහෝ කලක පටන් අපවාදයට ලක්ව සිටින මෙම ජාතික ක්‍රීඩා සම්මේලනයේ ප්‍රධානීන් විදේශීය පුහුණුකරුවන් දෙදෙනාගේ හබයට මැදිහත් වී ඇත්තේ කඩාවැටීමට ආසන්න තවත් මරාලයකින් ගැලවීමට යයිද ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

 


අදහස් (0)

එකම රටකින් ඇවිත් හබයකට මුල පුරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.