Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තය 45-7 කින් ඇමරිකාව පරදවයි

එංගලන්තය 45-7 කින් ඇමරිකාව පරදවයි

editorial - 2019 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඇමරිකාව අතර ජපානයේ කෝබේ නුවරදී ඊයේ (26) පැවති රග්බි තරගයෙන් එංගලන්තය ලකුණු 45-7 ක පහසු ජයක් ලැබීමට සමත් විය. මෙය ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ තෙවැනි තරගය වේ.

එංගලන්තය මෙවර තරගාවලියේ පිට පිටම ලැබූ දෙවැනි ජය මෙය වේ. එංගලන්තය මෙහිදී අතිරේක ප්‍රසාද ලකුණත් ලබාගනිමින් ‘සී’ කාණ්ඩයේ පළමු ස්ථානය තව දුරටත් ආරක්‍ෂා කරගත්තේය. එංගලන්තය මේ වන විට ප්‍රසාද ලකුණු 10 ක් ලබා සිටියි. ඇමරිකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වූ පළමු තරගය මෙයයි.

එංගලන්තය පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.

තරගයේ පස්වැනි මිනිත්තුවේදී නායක ජෝර්ජ් ෆෝඞ් එංගලන්ත පිලට එකතු කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. ෆෝඞ් විසින්ම එහි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කරන ලදී.

තරගයේ 24 වැනි සහ 32 වැනි මිනිත්තුවලදී බිලී වෙනුපෝලා සහ ලූක් කොවන් එකතු කළ උත්සාහ දිනුම් එංගලන්ත පිල ඔසවා තැබීය. නායක ජෝර්ජ් ෆෝඞ් ගෝල ප්‍රවර්ථනයක් සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 19-0 ක් බවට පත්විය.

එංගලන්ත පිල දෙවැනි අර්ධයේදී තවත් ගෝල තුනක් සහ උත්සාහක දිනුමකින් ලකුණු 26 ක් රැස්කරමින් ලකුණු සංඛ්‍යාව 45 ක් බවට පත්කරගත්තේය. එහිදී නායක ජෝර්ජ් ෆෝඞ් ගෝල ප්‍රවර්ථන පහක් සම්පූර්ණ කරමින් අතිරේක ලකුණු 10 ක් එකතු කිරීම කැපී පෙනුණි.

ඇමරිකාව තරගයේ අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් මිනිත්තු 80 පුරා පැවැති හිස්බර මඟහැර ගත්තේය. එහි ප්‍රවර්ථනය බර්සි කැම්බල් සාර්ථක කිරීමෙන් අවසන් ලකුණු සංඛ්‍යාව 45-7 ක් බවට පත්විය.    

 

- 048


අදහස් (0)

එංගලන්තය 45-7 කින් ඇමරිකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.