Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තය - දකුණු අප්‍රිකාව සමාරම්භක තරගයට

එංගලන්තය - දකුණු අප්‍රිකාව සමාරම්භක තරගයට

editorial - 2019 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අරඹමින් සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව මේ මස 30 වැනිදා ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.

මේ දින වලදී තරගාවලියේ පෙරහුරු තරග පැවැත්වෙන අතර එහිදී සෑම කණ්ඩායමක්ම පෙරහුරු තරග 2 කට බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 10 කි.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමග ලීග් ක්‍රමයට අනුව තරග වදින අතර එහිදී තරග 45 න් පැවැත්වේ. එම තරග 45 න් තරග 38 ක් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වන අතර තරග 7 ක් පස්වරු 7.00 ආරම්භ වේ.

එංගලන්තයේ ක්‍රීඩාංගණ 10 කදී මෙම තරගාවලිය පැවැත්වෙන අතර එහි අවසන් පූර්ව තරග මැන්චෙස්ටර්හිදී සහ බර්මින්හැම්හිදීද, අවසන් මහ තරගය ලන්ඩන්හි ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය.


 

-036

 


අදහස් (0)

එංගලන්තය - දකුණු අප්‍රිකාව සමාරම්භක තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.