Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත සංචාරයට සීමිත ඕවර තරග 6 ක්

එංගලන්ත සංචාරයට සීමිත ඕවර තරග 6 ක්

editorial - 2021 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ මැද භාගයේදී යෙදෙන එංගලන්ත සංචාරයට විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් වේ. ජුනි සහ ජූලී මාසයන්හිදී මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ එක්දින තරගාවලිය පැවැත්වේ.

විස්සයි20 තරගාවලිය කාඩීෆ් නුවර සොෆියා උද්‍යාන ක්‍රීඩාංගණයේදී සහ සදම්ප්ටන්හි ඒජස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එක්දින තරගාවලිය ඩර්හැම්, ලන්ඩන් ඕවල් සහ බ්‍රිස්ටල්හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසුව කිසිම සීමිත ඕවර තරගයකට සහභාගි වී නැත. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 8 වැනි ස්ථානයේත්, විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අනුව 7 ස්ථානයේත් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 15 වැනිදා බ්‍රිතාන්‍යය වෙතා ලඟාවීමට නියමිත අතර ජුලී 05 වැනිදා බ්‍රිතාන්‍යයෙන් පිටත්වීමට නියමිතව ඇත.


විස්සයි-20 තරග කාලසටහන
ජුනි 23 - පළමු විස්සයි20 තරගය - සොෆියා ගාර්ඩ්න්ස්, කාර්ඩිෆ්
ජුනි 24 - දෙවැනි විස්සයි20 තරගය - සොෆියා ගාර්ඩ්න්ස්, කාර්ඩිෆ්
ජුනි 26 - තෙවැනි විස්සයි20 තරගය - ඒජස් බෝල්, සදම්ප්ටන්


එක්දින තරග කාලසටහන
ජුනි 29 - පළමු එක්දින තරගය - එමිරේට් රිවර්සයිඩ්, ඩර්හැම්
ජුලී 1 - දෙවැනි එක්දින තරගය - කියා ඕවල්, ලන්ඩන්
ජුලී 4 - තෙවැනි එක්දින තරගය - බ්‍රිස්ටල් කන්ට්‍රි ක්‍රීඩාංගණය, බ්‍රිස්ටල්

 

- 2079


අදහස් (0)

එංගලන්ත සංචාරයට සීමිත ඕවර තරග 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.