Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත ක්‍රීඩකයෝ සමාජ මාධ්‍ය වර්ජනයට සූදානම්

එංගලන්ත ක්‍රීඩකයෝ සමාජ මාධ්‍ය වර්ජනයට සූදානම්

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාල අපයෝජනයට එරෙහිව ස්ථාවරයක් ගැනීමට ක්‍රීඩකයන් බලාපොරොත්තු වන්නේ නම් සමාජ මාධ්‍ය වර්ජනය කිරීමට එංගලන්ත ක්‍රීඩකයන් සූදානම් බව ස්ටුවර්ට් බ්‍රෝඩ් පවසයි. එංගලන්තයේ ජොෆ්රා ආචර් සහ මොයින් අලි සමාජ මාධ්‍ය ඔස්සේ අපයෝජනයට ලක්ව ඇති අතර බ්‍රෝඩ් පැවසුවේ ඊට එරෙහිව ස්ථාවරයක් ගැනීමට තමන් කැමති බවයි.

”සමාජ මාධ්‍යවල විශාල ධනාත්මක දේවල් තියෙනවා. නමුත් ඊට එරෙහිව කිසියම් ස්ථාවරයක් ගොඩනඟා ගැනීම සඳහා යම් කාලයක් අවශ්‍ය නම් එම ධනාත්මක කරුණු
අපට අහිමි වේවි. ඒත් ඒ සඳහා මම හොඳින් සූදානම්” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

“යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් එය අපගේ ක්‍රීඩක කාමරයේ නායකයින්ගෙන් ලැබෙනු ඇත. එසේම කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසියම් වෙනසක් සිදුවිය යුතු යැයි හඟිනවා නම්, අපට ඉහළින් සිටින ශ්‍රේෂ්ඨ, වැදගත්  පුද්ගලයෝ කිහිප දෙනෙක්ම අපගේ ධූරාවලියේ ඉන්නවා. ක්‍රීඩකයන් කියන දේට ඇහුම්කන් දෙන්න ඔවුන් සූදානම්” යයි කී බ්‍රෝඩ්....

“එය ඇත්තෙන්ම ශක්තිමත් පණිවිඩයක්. මම හිතන්නේ එය අනිවාර්යයෙන්ම සංවාදයකට වටිනවා” යයිද පැවසීය.

ස්කොට්ලන්ත පාපන්දු ශූරයන් වන ‘රේන්ජර්ස්’ කණ්ඩායමත්, එංගලන්තයේ පෙළේ පාපන්දු කණ්ඩායමක් වන ‘ස්වෝන් සී’ කණ්ඩායමත් කියා සිටියේ තමන්ගේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වර්ගවාදීව අපයෝජනයට ලක් කිරීම නිසා සතියක් පුරා සමාජ මාධ්‍ය වර්ජනය කරන බවයි.

වර්ගවාදී ප්‍රකාශයන්ට විරෝධය දැක්වීමක් ලෙසින් ලෝකයට එක්වූ “කළු ජීවිතත් වටිනවා” යන්න සංකේතවත් කරමින් එක් එක් තරඟයට පෙර දණහිස පොළොවේ තබා මිට මෙළවූ අත ඉහළට එසවීමේ සංකේතාත්මක අභිනය මෑතකදී ක්‍රිකට් පිටියෙන් ඉවත්ව ගියේය. එහෙත් ක්‍රීඩකයෝ ඒ සම්බන්ධයෙන් විශාල අවධානයකින් සිටිති.

- 213

 


අදහස් (0)

එංගලන්ත ක්‍රීඩකයෝ සමාජ මාධ්‍ය වර්ජනයට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.