Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණඩායම අතර පූනේහිදී පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට ඉඩ නොදෙන බව මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගමය සෙනසුරාදා (27 වැනිදා) නිවේදනය කළේය. මේ වන විට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ පවතින කොරෝනා වසංගත තත්වයේ ඉහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර මහ ඇමති උද්ධාව් තක්‍රි මහතාගේ මැදිහත්වීමෙන් අනතුරුව තරගාවලිය නරඹන්නන් නොමැතිව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
“මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පවතින කොරෝනා වසංගත තතත්වය සැලකිල්ලට ගැනීමෙන් සහ මහ ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් අනතුරුව ප්‍රේක්ෂකයින් නොමැතිව තරගාවලිය පැවැත්වීම සඳහා අවසර ලබා දීමට තීරණය විය.” යැයි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගමයේ නිවේදනයක දැක්වේ.
ඉන්දියාව සහ එංගලන්තය පැවැත්වෙන එක්දින තරගාවලිය සම්බන්ධයෙන් මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගමයේ සභාපති විකාස් කකට්කර් සහ එහි පාලක මණ්ඩලයේ සභාපති මිලින්ද් නර්වේකර් යන මහත්වරු, මහ ඇමති උද්ධාව් තක්‍රි සහ සංචාරක හා පරිසර ඇමති ආදිත්‍යජි තක්‍රි යන මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වූහ.
එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස තරගාවලියේ තරග තුන පිළිවෙලින් මාර්තු 23, 26 සහ 28 යන දිනවල නගරයෙන් පිටත පිහිටි ගවුන්ජිහි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදනු ලැබිණ.
ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගය මාර්තු මස 4 වැනිදා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර මේ වන විට ඉන්දියාව 2-1 ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටියි.
සිව්වැනි ටෙස්ට් තරගයෙන් පසුව කණ්ඩායම් දෙක තරග පහකින් යුත් විස්සයි20 තරගාවලියක් සඳහා අහමදාබාද්හිදීම තරග වදිනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.