Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උපුල්වන් - සුසන්ත ගැටුමක

උපුල්වන් - සුසන්ත ගැටුමක

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම තරගාවලියේ එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය සම්බන්ධයෙන් විරෝධාතාවක් එල්ල වීම නිසා එම ඉසව්වේ ප්‍රතිඵල අත්හිටුවීමට සංවිධායකයෝ පියවර ගත්හ. එම තරගයේදී උපුල්වන් සේරසිංහ තමාට බාධා වන අයුරින් සිය මෝටර් රථය හැසිරවූ බවට චෝදනා කරමින් සුසුන්ත ගුණවර්ධන එම විරෝධතාවක් ඉදිරිපත් කර තිබිණ.

තරගය අතරතුරදී කිහිපවරක්ම ඔවුන් දෙදෙනා එකිනෙකාට බාධා වන අයුරින් ඔවුන්ගේ මෝටර් රථ හැසිරවූ අයුරුත්, තරග නිමාව පෙනි පෙනි තිබියදී පසු පසින් පැමිණි උපුල්වන්ගේ මෝටර් රථය ඉදිරියෙන් ගමන් කළ සුසන්තගේ මෝටර් රථයේ ගැටීම නිසා සුසුන්තට තරගයේ තෙවැනි ස්ථානයට පත්වීමට තිබූ අවස්ථාව මගහැරීගිය අයුරුත් තරගය නැරඹූ අයට දැකගත හැකි විය.

තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ පාර්ශව දෙක අතර ගැටුමක් හටගෙන ඇති බවද, එහිදී තුවාල ලැබූ බව කියන ක්‍රීඩකයෙක් කොළඹ මහ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී තරග සංවිධායකයන් කියා සිටියේ ඉදිරිපත්වී ඇති විරෝධතාව සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණයක් පවත්වන බවත්, සිදුවූවා යැයි කියන ගැටුම තරගාවලිය නිමා වීමෙන් අනුරුව ධාවන පථයෙන් පිටතදී සිදුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු පියවරක් ගැනීමට නොහැකි බවත්ය.

 


අදහස් (0)

උපුල්වන් - සුසන්ත ගැටුමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.