Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉසිපතන - වෙස්ලි ජය ලබයි

ඉසිපතන - වෙස්ලි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ අද (10) පස්වරුවේ පැවැති තරගවලදී ඉසිපතන විදුහල සහ වෙස්ලි විදුහල ජය ලැබීමට සමත් විය.

මහනුවර, පල්ළෙකැලේ රග්බි පිටියේදී පැවැති තරගයේදී ඉසිපතන විදුහල් පිල ලකුණු 27-15 කින් සත්කාරක ත්‍රිත්ව විදුහල පරාජය කිරීමට සමත් විය. ඉසිපතන විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-5 ක් ලෙස පෙරමුණේ පසුවිය.

ඉසිපතන විදුහල ගෝල දෙකකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කළේය. ත්‍රිත්ව විදුහලට උත්සාහක දිනුම් තුනකින් ලකුණු එකතු විය.

ඉසිපතන විදුහල මෙම තරගයේදී අතිරේක ප්‍රසාද ලකුණ ලබාගැනීමත් සමඟ ප්‍රසාද ලකුණු 12 ක් සමගින් තව දුරටත් පළමු කොටසේ දෙවැනි කාණ්ඩයේ පළමු ස්ථානය රැකගත්තේය.  

මලියදේව විදුහල් පිටියේදී පැවැති තරගයේදී වෙස්ලි විදුහල ලකුණු 50-10 කින් මලියදේව විදුහල් පිල පරාජය කළේය. වෙස්ලි විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 26-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.

වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ ගෝල පහකින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු 50 රැස් කළේය. මලියදේව විදුහල් පිල ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.    

 


අදහස් (0)

ඉසිපතන - වෙස්ලි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.