Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉෂාන් මැලේසියාවේදී දෙවැනි තැනට

ඉෂාන් මැලේසියාවේදී දෙවැනි තැනට

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ පැවැති ‘රොටැක්ස් මැක්ස් අභියෝග කුසලාන’ ගෝ කාර්ට් ධාවන තරගාවලියේ II වැනි අදියරේදී ශ්‍රී ලංකාවේ ඉෂාන් පීරිස් දෙවැනි ස්ථානය ලැබීය. මැලේසියාවේ එලීට් ප්ලස් ධාවන පථයේදී මෙම තරගාවලිය පැවැත්විණ.

මෙම II වැනි අදියරේ තරගය ජයගත් මැලේසියාවේම ක‍්‍රීඩක සෙනා සුලෙයිමාන් නූර්ට අභියෝගයක් වෙමින් ඉෂාන් දෙවැනි ස්ථානය ලැබුවේ තත්පර 0.133 ක් වැනි සුළු කාලයකිනි. තෙවැනි ස්ථානය ලැබු වේරන් ටෑන්, ඉෂාන් වාර්තා කළ කාලයට වඩා තත්පර 3.847 ක් පසුපසින් සිටියේය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍යයකු වන ඉෂාන්, පසුගිය මාර්තු මස සිංගප්පුරුවේ පැවැති ජාත්‍යන්තර ගෝ කාර්ට් ධාවන තරගාවලියේදී පස්වැනි ස්ථානයට පත්විය.

ගෝකාර්ට් මෝටර් රථ ධාවනයට එක්වන තරගකරුවෝ එහිදී ලබන අත්දැකීම් ඔස්සේ පසුකලෙක ලොව ජනප‍්‍රියතම මෝටර් රථ ධාවන තරග ඉසව්වක් වන ‘ෆෝමියුලා වන්’ තරග සඳහා යොමුවෙති.

බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට් මෝටර් රථ පුහුණු මධ්‍යස්ථානයේ ඉෂාන් පුහුණුව ලබයි. 
 

- 090


අදහස් (0)

ඉෂාන් මැලේසියාවේදී දෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.