Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉඳුනිල්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඉඳුනිල්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෙන්යා සභාපති කුසලාන තරගාවලියේදී මීටර 800 තරග ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටු වීමට ඉඳුනිල් හේරත් ඊයේ (16 වැනිදා) සමත් විය. මිනිත්තු 1:47.13 කින් තරගය අවසන් කළ ඉඳුනිල්ට දෙවන ස්ථානය හිමිවිය.

මීට පෙර 1993 වර්ෂයේදී රංජිත් සුබසිංහ විසින් දකුණු ආසියානු තරගාවලිය අතරවාරයේදී මිනිත්තු 1:47.13 කින් තරගය නිමකරමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි. වසර 25 කට පසු නව වාර්තාවට ඉඳුනිල් හේරත් හිමිකම් කීවේ එළඹෙන ආසියානු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් බලාපොරොත්තුවක් තබමිනි.  

පසුගිය වසරේ පැවැති ආසියා ගෘහස්ත තරගාවලියේදී රිදී පදක්කම දිනාගත් ඉඳුනිල් හේරත්, 2014 වසරේ මීටර 800 තරග ඉසව්ව විනාඩි 1:48.69 කින් අවසන් කරමින් සිය හොඳම කාලය වාර්තා කළේය.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහයෙන් පසුගිය දෙසැම්බර් මාසයේ මාස 7ක පුහුණුවක් සඳහා කෙන්යාවේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණු ආයතනයකට සම්බන්ධ වීමට ඉඳුනිල් හේරත්ට අවස්ථාව ලැබිණ. පුහුණු වැඩමු`එවෙන් අනතුරුව ලබන ජූලි මාසයේදී ඔහු දිවයිනට පැමිණීමට නියමිතය. අගෝස්තු මාසයේ ඉන්දුනීසියාවේදීී ආරම්භ වීමට නියමිත ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට එක්වීමටද ඔහු අපේක්ෂාවෙන් සිටියි.

 


අදහස් (0)

ඉඳුනිල්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.