Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දියානුවෝ ජාම බේරාගනිති

ඉන්දියානුවෝ ජාම බේරාගනිති

editorial - 2020 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 


ඕස්ට්‍රේලියාවට එරෙහිව කැන්බරාහිදී ඊයේ (2 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 13 ක් ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුවද, පළමු තරග‍ දෙක ජයගෙන තිබීම හේතුවෙන් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය  2-1 ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත් වූහ. කෙසේ වෙතත් ඊයේ ලබාගත් ජයග්‍රහණය නිසා 3-0 ක සම්පූර්ණ සුද්දයකට මුහුණදීමේ අවමානයෙන් ඉන්දියානුවෝ ගැලවුණහ. දෙරට අතර මේ දක්වා පැවැත්වී තිබෙන කිසිම එක්දින තරගාවලියකදී සම්පූර්ණ සුද්දයක් (තරගාවලියක සියලුම තරග ජයගැනීමට) කිසිම කණ්ඩායමක් අසමත්ව තිබේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 303 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ ලකුණු 289 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශර්දුල් ඨාකූර් ලකුණු 51 කට කඩුලු 3 ක් බිඳහෙළීය. ජස්ප්‍රීට් බුම්රා සහ ටී. නටරාජන් කඩුලු 2 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඨාකුර්ට අනගි සහායක් දුන්හ.
 
ඕස්ට්‍රේලියානු  නායක ඒරන් ෆින්ච් (75) සහ ග්ලෙන් මැක්ස්වෙල් (58) අර්ධ ශතක ලබාගත්තද ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. පන්දු 82 කට මුහුණදුන් ෆින්ච් හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක්ද  පන්දු 38 කට මුහුණදුන් මැක්ස්වෙල් හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක්ද සිය ඉනිමට ඇතුළත් කළහ.
 
පළමු තරග දෙකේදීම පිට පිට ශතක ලබාගත් ස්ටීවන් ස්මිත් මෙම තරගයේදී ලකුණු 7 කට දැවී යෑම මෙන්ම කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් මෙම තරගයට ක්‍රීඩා නොකිරීමද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල පාඩුවක් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන්වෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි පන්දු 78 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 63 ක් රැස්කරමින් සිය 60 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේය.

ලකුණු 152 කට කඩුලු 5 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී පිටියේ එක්වූ හර්දීක් පාණ්ඩ්‍යා ‍(නොදැවී 92) සහ රවින්ද්‍ර ජදේජා (නොදැවී 66) ඉන්දීය ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 108 කදී ලකුණු 150 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 76 කදී වාර්තා වූ පාණ්ඩ්‍යාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය. පන්දු 50 කදී වාර්තා වූ ජදේජාගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 302
(ශිකර් ධවාන් 16, ශුබ්මන් ගිල් 33, විරාට් කෝලි 63, ශ්‍රෙයාස් අයියර් 19, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 92, රවින්ද්‍ර ජදේජා නොදැවී 66, ඇස්ටන් ආගර් 44/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 289
(ඒරන් ෆින්ච් 75, මොයිසස් හෙන්රික්ස් 22, කැමරන් ග්‍රීන් 21, ඇලෙක්ස් කේරි 38, ග්ලේන් මැක්ස්වෙල් 59, ඇස්ටන් ආගර් 28, ශර්දුල් ඨාකුර් 51/3, ජස්ප්‍රීට් බුම්රා 43/2, ටී. නටරාජන් 70/2)

- 036

 


අදහස් (0)

ඉන්දියානුවෝ ජාම බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.