Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දිකගෙන් හොඳම දක්‍ෂතාව

ඉන්දිකගෙන් හොඳම දක්‍ෂතාව

editorial - 2019 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායි හි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ හයවන දිනය වූ බදාදා (13) ඉසව් 23 ක අවසන් තරග පැවැත්විණ. මෙම ඉසව් අතරේ ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ එකම මලල ක්‍රීඩකයා වූ නුවන් ඉන්දික පිරිමි දුර පැනීමේ ටී44 / ටී64 අවසන් තරගයේදී සිය හොඳම දක්ෂතාව පෙන්නුම් කළේය.

ඔහුගේ පළමු උත්සාහයේදී මීටර් 6.11 ක දුරක් පැන්න නුවන් තම හොඳම පෞද්ගලික දක්ෂතාව වාර්තා කිරීමට සමත් විය. නුවන් ඉන්දික මෙම තරගයේදී තරගකරුවන් 13 දෙනාගෙන් 10 වැනි ස්ථානයට පත්විය.

ඉන්දිකගේ මීට පෙර වාර්තා වූ හොඳම දක්ෂතාව වූයේ මීටර් 6.09 කි.

මෙම ඉසව්වේදී ජර්මනියේ මාකස් රෙහම් රන් පදක්කම දිනාගත් අතර ප්‍රංශයේ දිමිත්‍රි පවඞ් රිදී පදක්කම දිනා ගත්තේය.

ජර්මනියේ ෆීලික්ස් ස්ටේ‍රන්ග් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

අද දින පැවැත්වීමට නියමිත පිරිමි උස පැනීමේ ටී 42 / ටී 63 අවසන් මහා තරගය සඳහා බුද්ධික ඉන්ද්‍රපාල (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.20) සහභාගී වීමට නියමිතය.

මෙම ඉසව්වේදී ඉන්ද්‍රපාල විසින් තම හොඳම පෞද්ගලික දක්ෂතාව ලෙස මීටර් 1.55 ක් සටහන් කර තිබේ


අදහස් (0)

ඉන්දිකගෙන් හොඳම දක්‍ෂතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.