Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉතාලිය කැනේඩියානු පිලට තලයි

ඉතාලිය කැනේඩියානු පිලට තලයි

editorial - 2019 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ජපානයේ ෆුකුඕකා නුවරදී පැවැති ලෝක කුසලන තරගයේදී ලකුණු 48-7 කින් කැනඩාව පරාජය කරමින් පිට පිටම දෙවැනි ජය ලැබීමට ඉතාලිය සමත් වූයේය. මෙය ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ සිවුවැනි තරගයයි.
 
ඉතාලි පිල මෙහිදී අතිරේක ප්‍රසාද ලකුණත් ලබාගනිමින් ප්‍රසාද ලකුණු 10 ක් සමගින් ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය තව තහවුරු කරගැනීමට සමත් විය. ජයග්‍රාහි ඉතාලි පිල ගෝල පහකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු 48 රැස් කළේය. කැනඩාව ගෝලයක් පමණක් සම්පූර්ණ කළේය.
 
ප්‍රබල ඉතාලි ක්‍රීඩකයෝ තරග ආරම්භයේ සිටම කැනඩා පිලට යොමු කළ දැඩි පීඩනය හේතුවෙන් පළමු අර්ධය අවසන් වන විට ඉතාලිය ලකුණු 17-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.

ඉතාලි පිලේ තොමාසෝ ඇලන් තෙවැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරින් ලකුණු 3-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. එතැන් සිට මිනිත්තු 12 ක් තුළ එනම් 15 වැනි මිනිත්තුව වන විට ඉතාලි පිල ගෝල දෙකක් සම්පූර්ණ කිරීමෙන් ලකුණු පුවරුව 17-0 ක් බවට පත්විය.
 
පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු 25 යේදී දෙපිලම ආරක්‍ෂාවීමේ ක්‍රීඩා විලාසයක් අනුගමනය කිරීමෙන් කිසිදු ලකුණක් වාර්තා නොවීය. දෙවැනි අර්ධයේ තෙවැනි මිනිත්තුවේදී සෙබස්තියන් නිග්රි සම්පූර්ණ කළ උත්සාහක දිනුම තොමාසෝ ඇලන් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 24-0 ක් බවට පත්විය.

තරගයේ 58 වැනි මිනිත්තුවේ සිට මිනිත්තු තුනක් තුළ ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු 12 ක් එකතු කරගැනීමත් සමඟ ඉතාලිය ලකුණු 36-0 ක් ලෙස තව දුරටත් ශක්තිමත් විය.

ඉතාලිය ඉදිරියෙන් මිනිත්තු 68 ක් පැවැති බිංදුව මකා දමමින් ඇන්ඩෘ කෝ උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය. පීටර් නෙල්සන් එයට අතිරේක ලකුණු එකතු කිරීමෙන් ලකු-ණු පුවරුව 36-7 ක් බවට පත්විය.

ඉතාලි ක්‍රීඩකයෝ අවසන් මිනිත්තු අට තුළ ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් තවත් ලකුණු 12 ක් රැස්කරමින් අවසන් ලකුණු සංඛ්‍යාව 48-7 ක් බවට පත් කළේය.  

- 048


අදහස් (0)

ඉතාලිය කැනේඩියානු පිලට තලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.