Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇෆ්ඝනිස්ථානයට - නවසීලන්තයට ඕස්ට්‍රේලියාවෙන් රතු එළි

ඇෆ්ඝනිස්ථානයට - නවසීලන්තයට ඕස්ට්‍රේලියාවෙන් රතු එළි

editorial - 2020 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසයේ බලපෑම ඕස්ට්‍රේලියාව පුරාම පැතිරි ඇති නිසා තරගාවලි සංවිධානය කිරීම බොහෝ දුෂ්කරවී ඇති බැවින් ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගය සහ නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් පැවැත්වීමේ සැලසුම් කල්දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. සුපිරි ක්‍රිකට් බලවතා වන ඕස්ට්‍රේලියාව සහ අත්දැකීම් අඩු ඇෆ්ගනිස්ථානය අතර නොවැම්බර් මස අගදී පර්ත් නුවර පැවැත්වීමට නියමිතවූ මෙම ටෙස්ට් තරගය දෙරට අතර පැවත්වෙන පළමු තරගය විය.

වසංගතය හේතුවෙන් මේ වසරේදී බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ සහ විස්සයි 20 ලෝක කුසලාන සඳහා සත්කාරකත්වය සැපයීමට සකස් කර තිබූ සැලසුම් හකුලා ගැනීමට ඕස්ට්‍රේලියාවට සිදුවිය.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මහත් බලාපොරොත්තු තබා තිබේ. එහිදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග 4 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 ක් පැවැත්වීමට සැලසුම් කර තිබිණ. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරගාවලිය මුදල් ඉපයීම අතින් විශාල වැදගත්කමක් ගන්නා බැවින් මෙම තරගාවලිය අහක දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කැමති නොවේ. එහිදී උත්පාදනය කරන මුදල් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අනාගතය තීරණය කරනු ඇත.

ඇෆ්ගනිස්ථාන හා නවසීලන්ත අතර සංචාර කිසි විටෙකත් එතරම් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා නොදෙන බවත් 2023 අවසානයට පෙර ඒවා නැවත සැලසුම් කිරීමට බලාපොරොත්තු වන බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසා ඇත.

මෙම ගිම්හානයේදී තරගාවලි පැවැත්වීම සඳහා අප සියලු දෙනා ඇදහිය නොහැකි තරම් වෙහෙස මහන්සි වී වැඩ කළා. නමුත් ජාත්‍යන්තර සංචාරයන් සහ නිරෝධායන සීමා කිරීම් පිළිබඳ අභියෝග හමුවේ අවසානයේ දී මෙම තරගාවලි පසු දිනකදී ක්‍රීඩා කළ යුතු බව සියලු පාර්ශවයන්ට ඒත්තු ගැන්වූවා යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් පැවසීය.

- 2079


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානයට - නවසීලන්තයට ඕස්ට්‍රේලියාවෙන් රතු එළි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.