Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇෆ්ඝනිස්තානු යොවුන් පිලට ලකුණු 85 ක ජයක්

ඇෆ්ඝනිස්තානු යොවුන් පිලට ලකුණු 85 ක ජයක්

editorial - 2019 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය යටතේ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති 2 වැනි තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 85 ක ජයක් හිමිකර ගැනීමට ඇෆ්ඝනිස්තානය සමත්විය.

ජයග්‍රහණය සදහා ඕවර 46 කදී ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන යොවුන් කණ්ඩායමට ඕවර 19.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 78 ක් පමණි.

ඉර්ෆාන් ඛාන් (19) සහ රොහයිල් නසීර් (16) ලකුණු 10 සීමාව පසුකිරීමට සමත්වුවද සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

ශෆිකුල්ලා ඝෆාරී කඩුලු 3 ක් ද, නූර් අහ්මඞ්, අබිදුල්ලා ටනිවාල් සහ ෆසාල් හක් කඩුලු 2 බැගින්ද දවාගනිමින් පාකිස්තාන පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන යොවුන් පිලේ නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා ඇෆ්ඝනිස්තාන යොවුන් පිලට ආරාධනා කළ අතර ඕවර 46 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 162 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ. වර්ෂාව හේතුවෙන් තරගය ඕවර 46 කට සීමාවිය.

සෙදිකුල්ලා අටල් ලකුණු 29 ක් සහ රහමනුල්ලා ලකුණු 27 ක් රැස්කරමින් ඇෆ්ඝනිස්තාන යොවුන් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවෝ බවට පත්වූහ.

ෆහඞ් මුනීර් සහ ආමීර් අලී කඩුලු 3 බැගින්ද අබ්බාස් අෆ්රිඩි කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ඇෆ්ඝනිස්තාන යොවුන් පිල - ඕවර 46 කදී කඩුලු 9 ක් දැවී 162
(සෙදිකුල්ලා අටල් 29, රහමනුල්ලා 27, ෆහඞ් මුනීර් 23/3, ආමීර් අලී 34/3, අබ්බාස් අෆ්රිඩි 26/2)

පාකිස්තාන යොවුන් පිල - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී 78
(ශෆිකුල්ලා ඝෆාරී 15/3, නූර් අහ්මඞ් 12/2, අබිදුල්ලා ටනිවාල් 21/2, ෆසාල් හක් 21/2)


අදහස් (0)

ඇෆ්ඝනිස්තානු යොවුන් පිලට ලකුණු 85 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.