Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇරබියන්ස් පිල ලකුණු 47 කින් ජයගනී

ඇරබියන්ස් පිල ලකුණු 47 කින් ජයගනී

editorial - 2019 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ කොලෑන්ඩර්ස් කණ්ඩායම සහ මරතා ඇරබියන්ස් කණ්ඩායම අතර ඊයේ (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 47 ක ජයක් අත්කර ගැනීමට මාරතා ඇරබියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 108 ක ඉලක්කයක් හඹාගිය කොලෑන්ඩර්ස් කණ්ඩායමට මිචෙල් මැක්ලෙනගන් ප්‍රමුඛ ඇරබියන්ස් පන්දු යවන්නන් හමුවේ නියමිත ඕවර 10 අවසානයේ කඩුලු 4 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 60 ක් පමණි. කොලෑන්ඩර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඬේවිඞ් මැලන් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 32 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැක්ලෙනගන් සිය ඕවර 2 ලකුණු 9 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත්තේය. නායක ඞ්වේන් බ්‍රාවෝ ලකුණු 12 කට කඩුල්ලක් දවාගත් අතර සිය ඕවර 2 ලකුණු 7 කට සීමා කිරීමට ලසිත් මාලිංග සමත් විය. එක් ඕවරයක් පමණක් යැවූ වනිඳු හසරංග එහිදී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 10 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇරබියන්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 107 ක් ලබා ගත්තේය. ආරම්භක පිතිකරුවන් වූ ඇඩම් ලේත් පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක්ද, ක්‍රිස් ලයන් පන්දු 12 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 20 ක්ද රැස්කරමින් ඇරබියන්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

යුවරාජ් සිං පන්දු 6 කදී හයේ පහර 2 ක් සහ ලකුණු 14 ක් රැස්කළ අතර දසුන් ශානක පන්දු 10 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක් රැස්කළේය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 7 කට මුහුණදුන් මිචෙල් මැක්ලෙනගන් එහිදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 20 ක් ලබා ගත්තේය.


මාරතා ඇරබියන්ස් පිල - ඕවර 10 කදී කඩුල්ලක් දැවී 107
(ඇඩම් ලෙත් 21, ක්‍රිස් ලයන් 20, යුවරාජ් සිං 14, දසුන් ශානක 16, මිචෙල් මැක්ලෙනගන් නොදැවී 20, ළහිරු කුමාර 34/2)

කොලෑන්ඩර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී 60
(ඬේවිඞ් මැලන් 32, මිචෙල් මැක්ලෙනගන් 09/2)

-036

 


අදහස් (0)

ඇරබියන්ස් පිල ලකුණු 47 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.