Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු දැල්පන්දු ශූරතාවලිය කල්යයි

ආසියානු දැල්පන්දු ශූරතාවලිය කල්යයි

නාමල් පතිරගේ - 2020 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝවිඩ්-19 (කොරෝනා) උණ වසංගතය සිය රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන තත්ත්වයක් තුළ ලබන ජුනි 20 වැනිදා දකුණු කොරියාවේදී ආරම්භවීමට නියමිතව තිබූ 12 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

දකුණු කොරියාව මෙම තරගාවලියේ සත්කාරය දරන පළමු අවස්ථාව මෙයයි. එය ලබන ජුනි 20 වැනිදා ආරම්භ වී 28 වැනිදා දක්වා පැවැත්වීමට සැලැසුම් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් ආසියානු දැල්පන්දු සම්මේලනයේ ප්‍රධානීන් හා තරග සංවිධායකයන් අතර අද (11 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද සැලැසුම් කර තිබුණි.

ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය ජුනි මාසයේදී පැවැත්වීම සඳහා තවත් කාලයක් ඉතිරිව තිබුණ ද උද්ගතව තිබෙන වසංගත තත්ත්වයේ බලපෑම තවත් මාස කිහිපයක් පවතිනු ඇතැයි අනුමාන කරන බැවින් එය අත්හිටුවීමට තීරණය කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

ඒ පිළිබඳව කළ විමසුමකදී ආසියානු දැල්පන්දු සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනි, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය පැවැසුවේ, ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගීත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මේ මස 13 වැනිදා සිය විධායක සභාව කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කළ බවයි.

ක්‍රීඩිකාවන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සම්මේලනයට විශේෂ වගකීමක් තිබෙන බැවින් ඒ පිළිබඳව තමන් දැඩි අවධානය යොමු කරන බවත් ඇය පැවැසුවාය.

මෙම තත්ත්වය යටතේ දැනට ක්‍රියාත්මක ජාතික දැල්පන්දු සංචිතයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනේ. පසුගිය 2018 වසර ද ඇතුළුව ආසියානු දැල්පන්දු කුසලානය පස් වතාවක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

 


අදහස් (0)

ආසියානු දැල්පන්දු ශූරතාවලිය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.