Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආරම්භක තරගයම අභියෝගයක්

ආරම්භක තරගයම අභියෝගයක්

editorial - 2021 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


-------------------
නාමල් පතිරගේ
-------------------

‘සභාපති කුසලාන’ ශූරයන් මෙන්ම ‘ඩයලොග්’ ශූරයන්ගේ තරගාවලියේ (2018-19) අනුශූරයන් ද වන නමුත් ‘කොළඹ’ ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ අද (19) පැවැත්වෙන ආරම්භක තරගයම අභියෝගයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පළමුවරට හඳුන්වා දෙන ශ්‍රී ලංකා සුපර් ලීග් තරගාවලියේ අද පස්වරු 4.30ට පැවැත්වෙන ආරම්භක තරගයේ දී ‘කොළඹ’ කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින්නේ වෙන්නප්පුව ‘නිව්යන්ග්ස්’ කණ්ඩායමයි.

තරගාවලියේ පෙර පුහුණු වටයේ තරගයක දී ‘කොළඹ’ කණ්ඩායම විසින් වෙන්නප්පුව ‘නිව්යන්ග්ස්’ කණ්ඩායම ගෝල 4-3 කට පරාජය කිරීමට සමත්ව තිබේ. පුහුණු වටයේ දී මෙන් නොව සැබෑ තරගාවලියේ දී දෙපිලටම විදේශීය ක්‍රීඩකයන් ක්‍රීඩා කරන බැවින් එය අද තරගයේ තීරණය වෙනස් කිරීමේ සාධකයක් වනු ඇත.

අද රාත්‍රි 7.30ට කළුතර ‘බ්ලූස්ටාර්ස්’ පිල හා බේරුවල ‘රෙඩ්ස්ටාර්’ පිල අතර  තරගය සුගතදාස පිටියේ දී පැවැත්වේ. බ්ලූස්ටාර්ස් කණ්ඩායම පසුගිය ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වූ ක්‍රීඩා සමාජයයි. රෙඩ් ස්ටාර්’ කණ්ඩායම එහි ප්‍රසාද ලකුණු පුවරුවේ හිමිකරගත්තේ 10 වැනි ස්ථානයි.

අද තරගාවලිය ආරම්භවීමෙන් පසුව ලබන බ්‍රහස්පතින්දා (22) හැරෙන්නට ලබන ඉරිදා (25) දක්වා අඛණ්ඩව තරග 10ක් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම තරගාවලියේ  විනිසුරුවන් හා තීරකවරුන් සඳහා අති නවීනතම ඩිජිටල් සන්නිවේදන මෙවලම් හා උපකරණ ලබාදී තිබේ. එහි ඇති ප්‍රයෝජනය වන්නේ විනිසුරුවන් හා තීරකවරුන් ලබාදෙන  තීරණයන් සම්බන්ධයෙන් මතභේද පැන නගින අවස්ථාවන් හිදී මෙම  සන්නිවේදන උපකරණ භාවිතයෙන් වඩාත් නිවැරදි  නිගමන ලබා ගැනීමේ හැකියාවයි.

රුපියල් ලක්ෂ 20කට වැඩි වටිනාකමින් යුත් මෙවැනි විනිසුරු සන්නිවේදන මෙවලම් කට්ටල හතරක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ලැබීමට  නියමිත බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා සුපර් ලීග් තරගාවලිය සඳහා හඳුන්වා දෙන විනිසුරු සන්නිවේදන මෙවලම් කට්ටලයක් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා අතින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විනිසුරු කමිටුවේ සභාපති ඒ.ජී.පී. දේශප්‍රිය මහතා වෙත බාරදුන් අයුරු. පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා, එහි වෛද්‍ය කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු,  ජාත්‍යන්තර සහය විනිසුරු බුද්ධික ඩයස් යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.

 


අදහස් (0)

ආරම්භක තරගයම අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.