Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආකාශ් පන්දු 4 කදී කඩුලු 4 යි

ආකාශ් පන්දු 4 කදී කඩුලු 4 යි

රොෂාන් ගුණරත්න - 2019 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවාගත් ආකාශ් සේනාරත්න තරගය පුරා දස්කම් දක්වමින් කඩුලු 11 ක් දවාගැනීම හේතුවෙන් 23 න් පහළ තරගයකදී ගාල්ල ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිමක සහ ලකුණ 2 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. මෙම තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ගාල්ල දෙවැනි ඉනිමේ 52 වැනි ඕවරයේ අවසන් පන්දු තුනේදී කඩුලු 3 ක් දවාගත් ආකාශ් සේනාරත්න 54 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් කඩුල්ලක් දවාගනිමින් පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවාගැනීමේ වාර්තාවට හිමිකම් කීවේය. ගාල්ල පළමු ඉනිමේදී ලකුණු 48 කට කඩුලු 5 ක් දවාගත් ආකාශ් දෙවැනි ඉනිමේදී ලකුණු 33 කට කඩුලු 6 ක් දවාගනිමින් එස්.එස්.සී. පිලට ඉනිමක ජයක් ගෙනදීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් එස්.එස්.සී පිල පළමුව පන්දුවට පහරදීම සඳහා ගාල්ල පිලට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 119 ක් පමණි. හුදකලා සටනක නිරතවූ කවිඳු එදිරිවීර පන්දු 135 ක් පුරා කඩුල්ලේ රැඳී සිටියද රැස්කිරීමට හැකිවූයේ ලකුණු 40 ක් පමණි.

ආකාශ් සේනාරත්න කඩුලු 5 ක්ද කළණ පෙරේරා සහ හිමේෂ් රාමනායක කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එස්.එස්.සී. පිල සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 265 ක් රැස්කිරීමට සමත්විය. චරිත් අසංලක (78) සහ ක්‍රිෂාන් සංජුල (77) අර්ධ ශතක ලබාගනිමින් එස්.එස්.සී. පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායක වූහ. තිසර දිල්ශාන් කඩුලු 5 ක් සහ රවිශ්ක විජේසිරි කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලකුණු 146 ක් පසු පසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ගාල්ල පිලට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 144 ක් පමණි. පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද හුදකලා සටනක නිරතවූ කවිඳු එදිරිවීරට අර්ධ ශතකය කරා යෑමට තිබූ අවස්ථාව දෙවැනි වරටත් එස්.එස්.සී පන්දු යවන්නෝ අහිමි කළහ. ආකාශ් සේනාරත්න කඩුලු 6 ක් සහ කළණ පෙරේරා කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ගාල්ල පළමු ඉනිම - සියලුදෙනා දැවී 119
(කවිඳු එදිරිවීර 40, ආකාශ් සේනාරත්න 48/5, කළණ පෙරේරා 24/2, හිමේෂ් රාමනායක 21/2)

එස්.එස්.සී. පළමු ඉනිම - සියලුදෙනා දැවී 265
(චරිත් අසංලක 78, සහ ක්‍රිෂාන් සංජුල 77, තිසර දිල්ශාන් 65/5, රවිශ්ක විජේසිරි 43/2)

ගාල්ල දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 144
(කවිඳු එදිරිවීර 48, ආකාශ් සේනාරත්න 33/6, කළණ පෙරේරා 42/3)

 


අදහස් (0)

ආකාශ් පන්දු 4 කදී කඩුලු 4 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.