Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අහන් - සදිෂ වාර්තාගත සම්බන්ධතාවක

අහන් - සදිෂ වාර්තාගත සම්බන්ධතාවක

ශානුක අරවින්ද - 2021 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරගයේ පළමු දිනය (4 වැනිදා) නිමාවන විට තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 362 කට නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට රාජකීය විදුහලේ අහන් වික්‍රමසිංහ (නොදැවී 210) සහ සදිෂ රාජපක්ෂ (නොදැවී 152) සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීය විදුහල පළමු දිනය නිමාවන විට කඩුලු 2 ක් දැවී ලකුණු 403 ක් ලබා සිටියේය. රාජකීය ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු 41 දී බිඳ වැටුණ අතර එතැන් පටන් අහන් සහ සදිෂ සිය වාර්තාගත සම්බන්ධතාව ඇරඹූහ.

මේ දක්වා පන්දු 223 කට මුහුණදී සිටින අහන් හයේ පහර 2 කින් සහ හතරේ පහර 17 කින් සිය ද්විත්ව ශතකය සරසා ඇති අතර පන්දු 259 කදී වාර්තා වූ සදිෂගේ ශතකයට සහ හතරේ පහර 10 ක් ඇතුළත් වී තිබිණ.


රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 98 කදී කඩුලු 2 කට 403
(අහන් වික්‍රමසිංහ නොදැවී 210, සදිෂ රාජපක්ෂ නොදැවී 152, අෂේන් ගමගේ 22)

 


අදහස් (0)

අහන් - සදිෂ වාර්තාගත සම්බන්ධතාවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.